Header

Sri Lanka Army

Defender of the Nation

11th November 2018 00:07:10 Hours

නව කිලිනොච්චි ආඥාපති රාජකාරි අරඹයි

කිලිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථානයේ නව ආඥාපති ලෙස ශ්‍රී ලංකා පාබල හමුදාවේ මේජර් ජෙනරාල් රැල්ෆ් නුගේරා සෙනසුරාදා (10) දින එම ආරක්‍ෂක සේනා මූලස්ථානයේ පැවැති උත්සවයක දී රාජකාරි භාරගනු ලැබීය.

ආරක්‍ෂක සේනා මූලස්ථානය වෙත සපැමිණි නව ආඥාපතිතුමන් වෙත 7 වන ශ්‍රී ලංකා පාබල හමුදා භට පිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු සම්මාන මුරයක් සහ සම්මාන ආචාර පෙළපාලියක් පිරිනමනු ලැබීය. නව ආඥාපතිතුමන් බෞද්ධ ආගමික වතාවත්වලින් අනතුරුව සම්ප්‍රදානුකුල පොල්තෙල් පහන දල්වනු ලැබීය.

ඉන් පසුව, නව ආඥාපතිතුමන් සිය කාර්යාලයේ දී සංකේතාත්මක නිල ලේඛණයකට අත්සන් තබමින් නව ධූරයේ රාජකාරි භාරගනු ලැබීය. අනතුරුව මෙම අවස්ථාව සනිටුහන් කරමින් කඳවුරු පරිශ්‍රයේ සඳුන් පැළයක් ද රෝපණය කරනු ලැබීය.

මේජර් ජෙනරාල් රැල්ෆ් නුගේරා නව ධූරයේ රාජකාරි භාරගැනීමට පෙර බටහිර ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ කොළඹ ප්‍රදේශයේ ස්ථානගත 14 වන සේනාංකයේ සේනාංකාධිපති ලෙස රාජකාරි කල අතර මීට පෙර, හම්බන්තොට ප්‍රදේශයේ ස්ථානගත 12 වන සේනාංකයේ සේනාංකාධිපති ලෙස ද රාජකාරි කරනු ලැබීය. තවද එතුමන් යුද්ධ හමුදා මූලස්ථානයේ ප්‍රධාන තනතුරු බොහෝමයක් හොබවා ඇත.

මෙම අවස්ථාව සඳහා 57 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය, බලසේනාධිපතිවරුන්, කිලිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත ඒකකයන්හි අණදෙන නිලධාරින්, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් ඇතුළු යුද්ධ හමුදා සාමාජිකයින් රැසක් එක්ව සිටියහ. affiliate link trace | Releases Nike Shoes