09th November 2018 13:00:31 Hours
මහනුවර, මහාමයා බලිකා විද්‍යාලයේ බාලදක්‍ෂිකාවන් සඳහා වාර්ෂිකව පවත්වනු ලබන SEGNO ගවේෂණ තරඟාවලිය සෙනසුරාදා (03) දින දුණුමඩලාව රක්‍ෂිතයේ දී පැවැති අතර ඒ සඳහා මධ්‍යම ආරක්‍ෂක සේනා මූලස්ථානය බල ප්‍රදේශයේ ස්ථානගත 11 වන සේනාංකය, 111 වන බලසේනාව සහ සංඥා පුහුණු පාසලේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින්ගේ සහයෝගය ලබාදෙනු ලැබීය.
ඒ අනුව, මධ්‍යම ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුවන් ද සිල්වා ගේ උපදෙස් මත 11 වන සේනාංකයේ සේනාංකාධිපතිගේ සහ 111 වන බලසේනාවේ බලසේනාධිපතිගේ අධීක්‍ෂණය යටතේ යුද්ධ හමුදා සාමාජිකයින් විසින් මේ සඳහා අවශ්‍ය උපදෙස් සහ තාක්‍ෂණික සහාය ලබාදෙනු ලැබීය. Nike sneakers | First Look: Nike PG 5 PlayStation 5 White Pink Black BQ6472-500 Release Date - SBD