Header

Sri Lanka Army

Defender of the Nation

09th November 2018 13:30:31 Hours

14 වන සේනාංකයේ නව සේනාංකාධිපති රාජකාරි අරඹයි

බ්‍රිගේඩියර් චුල අබේනායක, 14 වන සේනාංකයේ නව සේනාංකාධිපති ලෙස සඳුදා (05) දින බටහිර ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත එම සේනාංක මුලස්ථානයේ දී රාජකාරි භාරගන්නා ලදි.

නව සේනාංකාධිපති, සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයේ සංකේතාත්මකව නිල ලේඛණයකට අත්සන් තබමින් නව තනතුරේ රාජකාරි භාරගත් අතර, අනතුරුව එම සේනාංකයේ සේවයේ නියුතු සියලු නිලයින් ඇමතුහ.

14 වන සේනාංකය යටතේ ස්ථාපිත බලසේනාවන්හි බලසේනාධිපතිවරුන්, ඒකක අණදෙන නිලධාරින්, අනෙකුත් නිලධාරින් සහ යුද්ධ හමුදා සාමාජිකයින් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ. short url link | Nike Off-White