Header

Sri Lanka Army

Defender of the Nation

07th November 2018 16:07:05 Hours

යුද්ධ හමුදා සාමාජිකයින් වෙනුවෙන් භාවනා වැඩසටහනක්

යුද්ධ හමුදාධිපතිගේ සංකල්පයට අනුව යුද්ධ හමුදා සාමාජිකයින්ගේ මානසික හා ආධ්‍යාත්මික මට්ටම ඉහළ නැංවීමේ අරමුණින් බටහිර ආරක්‍ෂක සේනා මුලස්ථානය විසින් නොවැම්බර් මස 4 සිට 7 දක්වා පනාගොඩ ශ්‍රී බෝධිරාජාරාම විහාරස්ථානයේ දී භාවනා වැඩසටහනක් පවත්වන ලදි.

බටහිර ආරක්‍ෂක සේනා මුලස්ථානයේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින්ගේ මානසික ඒකාග්‍රතාවය වැඩිදියුණු කිරීමේ අරමුණින් යුද්ධ හමුදා නිවාරණ වෛද්‍ය හා මානසික සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ මණ්ඩලයේ සම්බන්ධිකරණයෙන් දින 4 ක් පුරා පැවැත් වූ මෙම සැසිය සඳහා යුද්ධ හමුදා සාමාජිකයින් 300 කට අධික පිරිසක් සහභාගි වූ අතර, ඕස්ට්‍රේලියාවේ පදිංචි ආචාර්ය ලලිත් වීරතුංග මහතා විසින් එය මෙහෙයවනු ලැබීය.

මේ සඳහා අවශ්‍ය මුලික උපදෙස් බටහිර ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ විසින් ලබාදෙන ලදි. buy shoes | Nike Running