Header

Sri Lanka Army

Defender of the Nation

05th November 2018 17:00:16 Hours

‘වන රෝපා’ වැඩසටහන සඳහා යාන්ත්‍රික පාබල රෙජිමේන්තු මූලස්ථානයේ භට පිරිස්හි සහාය

ජාතික ‘වන රෝපා’ වැඩසටහනට සමගාමීව රුක් රෝපණ වැඩසටහනක් දඹුල්ල ප්‍රදේශයේ ස්ථානගත යාන්ත්‍රික පාබල රෙජිමේන්තු මූලස්ථානයේ දී ඉරිදා (04) දින දියත් කරනු ලැබීය.

මෙම වැඩසටහන යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු ගේ උපදෙස් මත එම රෙජිමේන්තුවේ වැඩබලන මධ්‍යස්ථාන සේනාවිධායක ලුතිනන් කර්නල් කේ.කේ.එස්. පැරකුම් ගේ අධීක්‍ෂණය යටතේ සංවිධානය කළහ.

මෙම ව්‍යාපෘතිය සඳහා ආරක්ෂක සේවා අබාධිත නිලධාරින්ගේ සංගමය විසින් අනුග්‍රාහකත්වය ලබාදෙන ලදි. මෙම උත්සවය රෙජිමේන්තු අධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැති අතර රෙජිමේන්තු මධ්‍යස්ථානයේ සේවයේ නියුතු ජ්‍යෙෂ්ඨ නිලධාරින් ඇතුළු යුද්ධ හමුදා සාමාජිකයින් රැසක් සහභාගි වූහ.

මෙහි පළමු අදියර යටතේ පැළ 1800 ක් රෝපණය කරනු ලැබීය. Sportswear free shipping | Marki