08th November 2018 11:00:05 Hours
පාසල් අධ්‍යාපනය අවසන් වයස අවුරුදු 22 ට නොඅඩු දේශප්‍රේමී හා ශක්ති සම්පන්න කාන්තාවනී, ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිත්‍ය බලසේනාවට කාන්තා කැඩෙට් නිලධාරිනියන් බඳවාගැනීම සඳහා යුද්ධ හමුදා මූලස්ථානය විසින් අයදුම්පත් කැඳවා ඇත.
ඔබ කාන්තාවක් නම්, විවිධ අභියෝගයන්ට මුහුණදී වෘත්තීමය හැකියාවන් තුලින් ජිවිතයේ සාර්ථකත්වය ළඟා කරගනීමින් ජාතියට සේවය කිරීම ඔබට සහ ඔබේ පවුලට සිය ජිවිත කාලය පුරාවටම ගෞරවයක් ගෙනදෙනු ඇත.
ඔබත් සුදුසුකම් සපුරා ඇති අපේක්‍ෂිකාවක් නම් සුදුසු වැටුපක්, විදේශගත පුහුණුවක්, සෞඛ්‍ය රක්‍ෂණ, ප්‍රවාහන පහසුකම්, නවාතැන් පහසුකම් සහ අනෙකුත් බොහෝ පහසුකම් ඔබට ද හිමිවනු ඇත. 2018 නොවැම්බර් 26 දින දක්වා අයඳුම්පත් භාරගනු ලැබේ.
වැඩි විස්තර සහ අයඳුම්පත් සඳහා, ශ්‍රී යුද්ධ හමුදා වෙබ් අඩිවියට පිවිසෙන්න: www.army.lk/officers