Header

Sri Lanka Army

Defender of the Nation

05th November 2018 16:33:10 Hours

53 වන සේනාංකය සිය සංවත්සරයට සමගාමීව පාසල් උපකරණ බෙදාදෙයි

දඹුල්ල, ඉනාමළුව ප්‍රදේශයේ ස්ථානගත 53 වන සේනාංක මුලස්ථානයේ 23 වන සංවත්සරයට සමගාමීව එම සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් අතුල කොඩිප්පිලි ගේ උපදෙස් මත භට පිරිස් විසින් කොළඹ විශ්ව පාරමී පදනමේ සහයෝගය ඇතිව හබරණ, සුරියගම පෙර පාසලේ සිසුන් සඳහා පරිගණයක් සහ පාසල් උපකරණ තොගයක් එම පෙර පාසල් පරිශ්‍රයේ දී බෙදාදෙනු ලැබීය.

මෙම පරිත්‍යාග වැඩසටහන අවසානයේ 53 වන සේනාංකයේ භට පිරිස් විසින් එම පෙර පාසලේ සිසුන් වෙත දිවා ආහාරවේලක් ද ලබාදෙනු ලැබීය.

මෙම අවස්ථාව සඳහා 53 වන සේනාංකයේ නියෝජ්‍ය සේනාවිධායක බ්‍රිගේඩියර් ඒ.ඒ.අයි.ජේ. බණ්ඩාර, එම සේනාංකයේ කර්නල් ප්‍රධාන මාණ්ඩලික නිලධාරි කර්නල් ඒ.එල්.ජේ.එල්.බි. උඩෝවිට, පෙරපාසලේ ගුරුවරුන්, සිසුන් ඇතුළු යුද්ධ හමුදා සමාජිකයින් රැසක් සහභාගි වූහ. Sports brands | GOLF NIKE SHOES