Header

Sri Lanka Army

Defender of the Nation

02nd November 2018 11:05:07 Hours

යුද්ධ හමුදා නිලධාරින් සඳහා අන්තර් ජාතික මානූෂීය නීතිය පිළිබඳ වැඩමුළුවක්

මධ්‍යම ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ සේවයෙන් නියුතු යුද්ධ හමුදා නිලධාරින් සඳහා ‘අන්තර් ජාතික මානූෂිය නීතිය’ පිළිබඳ වැඩමුළුවක් බදාදා (31) වන දින දියතලාව ස්වේච්ඡා බලසේනා පුහුණු පාසල (VFTS) හිදී පැවැත්විය.

ඒ සඳහා 112 වන බලසේනාවේ බළසේනාධිපති බ්‍රිගේඩියර් එම්. ඩබ්. ඒ. ඒ. විජේසූරිය සහ 121 වන බලසේනාවේ බළසේනාධිපති බ්‍රිගේඩියර් එන්. සී. සෝමවීර ඇතුළු යුද්ධ හමුදා නිලධාරීන් 20 ක් මෙම වැඩමුළුව සඳහා සහභාගී වුහ.

මෙම වැඩමුළුව රතු කුරුස සංවිධානයේ කලාපීය සහ ආරක්‍ෂක හමුදා නියෝජිතයා වන ජැක් ලෙමා මහතා (Mr Jacques Lemay) සහ රතු කුරුස සංවිධානයේ සන්නිවේදන නිලධාරි චන්න ජයවර්ධන යන මහත්වරුන් විසින් මෙහෙයවනු ලැබීය. latest Running | Nike SB