Header

Sri Lanka Army

Defender of the Nation

02nd November 2018 12:00:00 Hours

යාපනය නාවට්කුලි විහාරයේ කඨින පිංකම සඳහා යුද්ධ හමුදාවේ දායකත්වය

යාපනය අර්ධද්වීපයේ පිහිටි නාවට්කුලි, සම්මිධි සුමන විහාරයේ වාර්ෂික කඨින මහා පිංකම ඔක්තෝම්බර් මස 30 සහ 31 දිනයන්හි පවත්වනු ලැබීය.

නාවට්කුලි, සම්මිධි සුමන විහාරයේ විහාරාධිපති පූජ්‍ය ශාස්ත්‍රපති හන්වැල්ලේ රතනසිරි ස්වාමින් වහන්සේගේ අනුශාසකත්වයෙන් පවත්වනු ලැබු මෙම උතුම් ආගමික වැඩසටහන සඳහා යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි ගේ උපදෙස් මත 52 වන සේනාංකය යටතේ ස්ථාපිත 523 වන බලසේනාවේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් විසින් මෙම උතුම් පිංකම සදහා දායකත්වය ලබාදෙනු ලැබීය.

ස්වාමින්වහන්සේලා 32 ගේ සහාභාගිත්වයෙන් පැවති සර්ව රාත්‍රික පිරිත් සජ්ඣායනාවෙන් අනතුරුව (31) දින උදැසන උතුම් කඨින චිවර පූජාව පවත්වනු ලැබීය.

මෙම දෙදින ආගමික උත්සවය සඳහා 51 සහ 52 වන සේනාංකයන්හි සේනාංකාධිපතිවරුන්, හමුදා සාමාජිකයින්, පොලිස් නිලධාරින් ඇතුළු බැතිමතුන් විශාල පිරිසක් සහභාගි වූහ.Sportswear Design | Nike