Header

Sri Lanka Army

Defender of the Nation

01st November 2018 16:02:02 Hours

මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබඳව යුද්ධ හමුදා සාමාජිකයින් දැනුවත් කෙරේ

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවීම සහ ඉන් වැළකීම පිළිබඳ දේශනයක් ත්‍රිකුණාමලය ප්‍රදේශයේ ස්ථානගත 22 වන සේනාංකයේ සේනාංකාධිපති තුමන්ගේ උපදෙස් එම සේනාංක මූලස්ථානයේ දී සඳුදා (29) දින පැවැත් වූ අතර ඒ සඳහා එම සේනාංකය යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා නිලධාරින් 16 ක් සහ යුද්ධ හමුදා සාමාජිකයින් 215 ක් සහභාගි වුහ.

සමාජයේ ගැටළුවක්ව පවතින මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවීම සහ ඉන් වැළකීම පිළිබඳව යුද්ධ හමුදා සාමාජිකයින් දැනුවත් කිරීමේ අරමුණින් 22 වන සේනාංක මූලස්ථානය විසින් මෙම වැඩසටහන සංවිධානය කරනු ලැබීය.

මෙම වැඩසටහන මනෝවිද්‍ය මෙහෙයුම් අධක්‍ෂක මණ්ඩලයේ ආරාධනයකට අනුව අන්තරායක ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ චාමර ප්‍රදීප් මහතා සහ ජ්‍යෙෂ්ඨ මනෝචිකිත්සක සමන්ත නිල්මල්ගොඩ මහතා විසින් මෙහෙයවනු ලැබීය. Running sport media | Women's Designer Sneakers - Luxury Shopping