28th October 2018 21:40:02 Hours
යුද්ධ හමුදා මුලස්ථානයේ විධායක ජෙනරාල් මෙන්ම ගජබා රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රමුඛ ගජබා රෙජිමේන්තුවේ සියලු නිලයින්ගේ දායකත්වයෙන් රට වෙනුවෙන් දිවිපිදු ගජබා රෙජිමේන්තුවේ රණවිරුවෙකුගේ පවුලේ සාමාජිකයින් වෙත නව නිවසක් ඉදිකරදෙන ලදි.
1999 දෙසැම්බර් මස 26 වන දින පරන්තන් ප්‍රදේශයේ දී ත්‍රස්ත ප්‍රහාරයකට ලක්ව මව්බිම වෙනුවෙන් තම ජිවිතය පූජා කළ 6 වන ගජබා රෙජිමේන්තුවේ සැරයන් ඊ.එම් කීර්තිරත්න විරුවාගේ පවුලේ සාමාජිකයින් වෙත හොරණ, ගෝනපල ප්‍රදේශයේ ඉදිකරන ලද මෙම නිවසේ යතුර භාරදීම සිකුරාදා (26) දින රෙජිමේන්තු අධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවති උත්සවයක දී සිදු කරන ලද අතර, මෙහි ඉදිකිරීම් කටයුතු සඳහා ගජබා රෙජිමේන්තුවේ භට පිරිස් සහ අනෙකුත් අනුග්‍රාහකයින්ගේ තාක්ෂණික සහයෝගය හිමි විය.
ගජබා රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ සභාපතිනි සුජීවා නෙල්සන් මැතිණිය, සැරයන් ඊ.එම් කීර්තිරත්න විරුවාගේ බිරිඳ, දූ දරුවන්, ඥාති හිතමිත්‍රාදීන්, ගජබා රෙජිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, යුද්ධ හමුදා සාමාජිකයින් ඇතුළු සුභපතන්නන් ද මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ. bridgemedia | Nike News