Header

Sri Lanka Army

Defender of the Nation

22nd October 2018 14:38:02 Hours

21 වන සේනාංකයේ නව සේනාංකාධිපති රාජකාරි අරඹයි

වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 21 වන සේනාංක මූලස්ථානයේ 26 වන සේනාංකාධිපති ලෙස බ්‍රිගේඩියර් කුමාර් ජයපතිරණ සිකුරාදා (19) දින රාජකාරි භාරගනු ලැබූ අතර, මීට ප්‍රථම 21 වන සේනාංකයේ සේනාංකාධිපති ලෙස මේජර් ජෙනරාල් රුවන් ද සිල්වා කටයුතු කරන ලදි.

අනුරාධපුර, රණසේවාපුර ප්‍රදේශයේ ස්ථානගත 21 වන සේනාංක මූලස්ථාන පරිශ්‍රය වෙත සපැමිණි නව සේනාංකාධිපතිතුමන් වෙත 7 වන ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකා සෙබළුන් විසින් හමුදා සම්ප්‍රදායානුකුලව කඳවුරු සම්මාන මුරයක් පිරිනමනු ලැබීය.

ඉන් අනතුරුව, මහා සංඝරත්නයේ ආශීර්වාද සමඟින් සම්ප්‍රදානුකුලව පොල්තෙල් පහන දල්වා නව සේනාංකාධිපතිතුමන් ආගමික වතාවත් මධ්‍යයේ නිළ ලේඛණයකට අත්සන් තබමින් රාජකාරි භාරගනු ලැබීය. තවද, මෙම අවස්ථාව සිහිවනු වස් සේනාංකාධිපතිතුමන් විසින් කඳවුරු පරිශ්‍රයේ නා පැළයක් ද රෝපණය කළ අතර, සේනාංකය තුල සේවය කරනු ලබන සියලු නිලයින් අමතමින් රාජකාරින් සහ කාර්යභාර්යන් ඉටු කිරිමේ දී සිය ඉදිරි දැක්ම පිළිබඳව ද පැහැදිලි කරනු ලැබීය.

බ්‍රිගේඩියර් කුමාර් ජයපතිරණ නව තනතුරේ රාජකාරි භාරගැනීමට පෙර වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානයේ බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික නිලධාරි ලෙස රාජකාරි කරනු ලැබූ අතර, මීට ප්‍රථම, එතුමන් උපදේශක, අණදීම් සහ මාණ්ඩලික තනතුරු රැසක් හොඹවා ඇත. එසේම, දියතලාව, ප්‍රඟුණ සහ සැඟවුණු වෙඩිකරු පුහුණු පාසලේ මෙන්ම කුකුලේඟග ශ්‍රී ලංකා සාමසාධක මෙහෙයුම් පුහුණු ආයතනයේ සේනාවිධායක ලෙස ද රාජකාරි කර ඇත.

මෙම අවස්ථාව සඳහා 212 වන බලසේනාවේ බලසේනාධිපති, 21 වන සේනාංකය යටතේ ස්ථාපිත ඒකකයන් හි අණදෙන නිලධාරින්, අනෙකුත් නිලධාරින් සහ යුද්ධ හමුදා සාමාජිකයින් රැසක් ද එක්ව සිටියහ. Buy Sneakers | 【国内4月24日発売予定】ナイキ ウィメンズ エア アクア リフト 全2色 - スニーカーウォーズ