19th October 2018 11:26:45 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදා කබඩි සංගමයේ සභාපති මේජර් ජෙනරාල් කේ.ඩි.එස්.එල් පෙරේරා ගේ උපදෙස් මත අන්තර් රෙජිමේන්තු කබඩි තරඟාවලිය - 2018 (පිරිමි සහ කාන්තා) පනාගොඩ ගෘහස්ථ ක්‍රීඩාංගණයේදි බදාදා (18) දින නිමාවට පත්විය.
කබඩි තරඟාවලියේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදා මූල්‍ය කලමනාකරණ අධ්‍යක්‍ෂ ජෙනරාල් මෙන්ම යුද්ධ හමුදා පොදුසේවා බලකායේ බලකාධිපති මේජර් ජෙනරාල් ඩබ්ලිව්.ආර් පාලිහක්කාර සහභාගි විය.
ඒ අනුව, තරඟාවලියේ පිරිමි අංශයේ අවසන් තරඟය ඉංජිනේරු සේවා බලකා කණ්ඩායම හා යුද්ධ හමුදා පොදු සේවා බලකා කණ්ඩායම අතර පැවැත්වුණු අතර යුද්ධ හමුදා පොදුසේවා බලකා කණ්ඩායම පරාජයට පත්කරමින් ඉංජිනේරු සේවා බලකා කණ්ඩායම ශුරතාවය හිමිකර ගන්නා ලදී.
2018 සුපර් ලීග් කාන්තා අවසන් තරඟය සඳහා සහාභාගි වු යුද්ධ හමුදා කාන්තා කණ්ඩායම පරාජයට පත්කරමින් යුද්ධ හමුදා පොදු සේවා බලකා කාන්තා කණ්ඩායම ශූරතාවය හිමිකරගැනීමට සමත්විය. bridge media | Sneakers