Header

Sri Lanka Army

Defender of the Nation

01st May 2018 19:50:06 Hours

යුද්ධ හමුදාවේ මූලිකත්වයෙන් පාසල් සිසුන් වෙත ප්‍රති ආශ්‍රැතිකරණ ජල පද්ධතියක්

පදවි ශ්‍රී පුර, ගල්කුලම ප්‍රදේශයේ ස්ථානගත 62 වන සේනාංකය යටතේ ස්ථාපිත 622 බලසේනාවට අයත් 27 වන ගජබා රෙජිමේන්තුවේ භට පිරිස්, එ්.එම් අභය අධිකාරි ගේ සභාපතිත්වයෙන් යුත් ඒබිසි ආරක්ෂක සේවා (පුද්) සමාගම සමඟ සම්බන්ධිකරණයෙන් රුපියල් 325,000/= ක පමණ වටිනාකමින් යුත් ප්‍රති ආශ්‍රැතිකරණ (Reverse Osmosis) ජල පද්ධතියක් ත්‍රිකුණාමලය, පුල්මුඩෙයි ඛනිජ වැලි සිංහල විද්‍යාලයීය පරිශ්‍රයේ ස්ථාපනය කරන ලදි.

පානීය ජලය දුෂණයවීමෙන් උතුරු මැද පළාතේ නිදන්ගත වකුගඩු රෝගය (Chronic Kidney Diseases) ඇතිවීමේ ප්‍රවණතාවය සැලකිය යුතු ලෙස වැඩිවී තිබෙන අතර වත්මන් රජයට කාර්යසාධන බලකායක් ඇතිකිරීමට සිදුවී තිබේ. එවැනි මොහොතක ශ්‍රී ලංකා යුද්ධ හමුදා භට පිරිස් සහ යුද්ධ හමුදා ඉංජිනේරුවන් මුදල් පිරිවැයකින් තොරව මෙම ආශ්‍රැතිකරණ ජල පද්ධතිය පාසල් පරිශ්‍රය තුල ස්ථාපනය කර සරල උත්සවයකින් සිකුරාදා (27) දින පාසල් සිසුන්ගේ ප්‍රයෝජනය සඳහා විවෘත කළහ.

මෙම නව ආශ්‍රැතිකරණ ජල පද්ධතිය විවෘත කිරීමේ අවස්ථාව සඳහා එම පාසලේ විදුහල්පතිතුමා ඇතුළු සිසුන් ද 622 බලසේනාවේ බලසේනාධිපති, 62 වන සේනාංකයේ සිවිල් සම්බන්ධිකරණ නිලධාරී, 2 වන ගජබා රෙජිමේන්තුවේ දෙවන අණදෙන නිලධාරී, භට පිරිස්, දෙමාපියන් සහ අනෙකුත් ආරාධිතයින් ද එක්ව සිටියහ.

පාසලේ පානීය ජලය හිඟවීම පිළිබඳව යුද්ධ හමුදාවට දැනුම්දීමෙන් අනතුරුව වන්නි ආරක්ෂක සේනා මූලස්ථානයේ ආශිර්වාදයෙන් මෙම ව්‍යාපෘතිය සිදු කරනු ලැබීය.

Sportswear Design | Asics Onitsuka Tiger