24th April 2018 20:21:29 Hours
නව තොරතුරු තාක්ෂණ අධ්‍යක්‍ෂක ලෙස ශ්‍රී ලංකා සංඥා බලකායේ බ්‍රිගේඩියර් ප්‍රසාද් අකුරන්තිලක, බ්‍රහස්පතින්දා (16) දින ආගමික වතාවත් මධ්‍යයේ රාජකාරි භාරගනු ලැබීය.
නව තොරතුරු තාක්ෂණ අධ්‍යක්‍ෂක තුමන් පිරිත් දේශනාවක් මධ්‍යයේ, සම්ප්‍රදායානුකූලව පොල්තෙල් පහන දල්වා සංකේතාත්මක නිල ලේඛණයකට අත්සන් තබමින් සිය කාර්යාලයේ දී ජ්‍යෙෂ්ඨ නිලධාරින් කිහිපදෙනෙකු ඉදිරියේ නව ධුරයේ රාජකාරි භාරගනු ලැබීය.
ඉන් අනතුරුව, නව තොරතුරු තාක්ෂණ අධ්‍යක්‍ෂක තුමන් සිය කාර්යමණ්ඩලයේ මාණ්ඩලික නිලධාරින් සහ සෙසුනිලයින් සමඟ සුහද සාකච්ඡාවක නිරත වූ අතර තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂ මණ්ඩලයේ කාර්යභාර්ය පිළිබඳව අදහස් විමසා සිටිනු ලැබීය.
නව තොරතුරු තාක්ෂණ අධ්‍යක්‍ෂක තුමන් නව ධුරයේ රාජකාරි භාරගැනීමට ප්‍රථම 542 බලසේනාවේ බලසේනාධිපති ලෙස රාජකාරි කරනු ලැබීය. හිටපු තොරතුරු තාක්ෂණ අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් ප්‍රභාත් දෙමටන්පිටිය 56 වන සේනාංකයේ සේනාංකාධිපති ලෙස රාජකාරි භාරගැනීමෙන් අනතුරුව නව තොරතුරු තාක්ෂණ අධ්‍යක්‍ෂක ලෙස බ්‍රිගේඩියර් ප්‍රසාද් අකුරන්තිලක පත් කරනු ලැබීය.
බ්‍රිගේඩියර් ප්‍රසාද් අකුරන්තිලක, වසර 32 කට වැඩි යුද්ධ හමුදා සේවාකාලය තුල දිවයිනේ නොයෙකුත් ප්‍රදේශයන්හි රාජකාරි කර ඇති අතර තවද එතුමන් ශ්‍රී ලංකා සංඥා බලකායේ මෙන්ම විවිධ මූලස්ථානයන්හි මාණ්ඩලික හා උපදේශක තනතුරු බොහෝමයක් ද හොඹවා ඇත.
නව ධූරයේ රාජකාරි භාරගත් නව තොරතුරු තාක්ෂණ අධ්‍යක්‍ෂක තුමන්ට සුභපැතීම සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, මාණ්ඩලික නිලධාරින් සහ සෙසුනිලයින් රැසක් ද එක්ව සිටියහ.
jordan Sneakers | Air Max