Header

Sri Lanka Army

Defender of the Nation

22nd April 2018 08:08:26 Hours

මුලතිව් භට පිරිස් විසින් කෙප්පාපිලව්හි ලැව් ගින්නක් පාලනය කරයි

මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 12 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ භට පිරිස් විසින් සෙනසුරාදා (21) දින මුලතිවි, කෙප්පාපිලව් ප්‍රදේශයේ සීඝ්‍රයෙන් පැතිර ගිය ලැව් ගින්න මැඩපැවැත්වීමට සමත්විය.

සිකුරාදා (20) දින සවස ඇති වු මෙම ගින්න පිළිබද සැලවීමත් සමග මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථානයේ භට පිරිස් එම ස්ථානයට ළඟා වී යුහුසුළුව ක්‍රියාත්මකවී ගින්න ව්‍යාප්තවීම මැඩපැවැත්වීමට කටයුතු කරන ලදි.

මුලතිව් ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දුෂ්‍යන්ත රාජගුරු ගේ උපදෙස් මත 60 කට අධික භට පිරිසක් එක්ව සීඝ්‍රයෙන් ව්‍යාප්ත වූ ගින්න මැඩපැවැත්වීමට කටයුතු කරන ලදි.

මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථානයට ආසන්නයේ කෙප්පාපිලව් රක්ෂිතයේ ඇතිවු මෙම ගින්න මැඩපැවැත්වීමට භට පිරිස් සෙනසුරාදා (21) දින සවස වන තෙක්ම ක්‍රියාකළහ.

Nike air jordan Sneakers | Nike Off-White