Header

Sri Lanka Army

Defender of the Nation

18th April 2018 17:55:18 Hours

නව අවුරුදු උදාවත් සමග ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරින් 34 දෙනෙකු හට බලඇණි ආධාරක අවි පාඨමාලා ලාංඡන

මින්නේරිය, පාබල පුහුණු මධ්‍යස්ථානය මගින් පවත්වනු ලැබු බලඇණි ආධාරක අවි පාඨමාලා අංක 73 සාර්ථකව හැදෑරු ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරින් 34 දෙනෙකු හට එම ලාංඡන පිරිනැමිමේ උත්සවයක් පාබල පුහුණු මධ්‍යස්ථානයේ සේනාවිධායක මේජර් ජෙනරාල් ටි.එස් බන්සජයා ගේ ප්‍රධානත්වයෙන් බදාදා (11) දින එම පුහුණු මධ්‍යස්ථාන ශ්‍රවණාගාරයේදී පවත්වන ලදී.

 

ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරින් සඳහා 2018 ජනවාරි මස 5 වන දින ආරම්භ කරන ලද බලඇණි ආධාරක අවි පාඨමාලා අංක 73, 2018 අප්‍රේල් මස 11 වන දිනෙන් අවසන් විය.

මෙම උත්සවයට සමගාමිව ඛණ්ඩ අවි උපදේශක පාඨමාලා අංක 8 සාර්ථකව හැදෑරු යුද්ධ හමුදා සාමාජිකයින් 21 දෙනෙකු සඳහා සහතික පත් පිරිනැමිමේ අවස්ථාව සඳහා ද ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් පාබල පුහුණු මධ්‍යස්ථානයේ සේනාවිධායකතුමන් සහභාගි විය.

මෙම සහතික පත් පිරිනැමිමේ උත්සවයෙන් අනතුරුව නව අවුරුදු උදාව වෙනුවෙන් පාබල පුහුණු මධ්‍යස්ථානයේ භට පිරිස් විසින් එදිනම (11) නව අවුරුදු තේපැන් සංග්‍රහයක් ද පිරිනමන ලදී. මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් පාබල පුහුණු මධ්‍යස්ථානයේ සේනාවිධායක මේජර් ජෙනරාල් ටි.එස් බන්සජයා සහභාගි වු අතර එතුමන් විසින් සම්ප්‍රදායානුකුලව පොල්තෙල් පහන දැල්විමෙන් අනතුරුව පැමිණි සිටි සියළුදෙනාම තේපැන් සංග්‍රහය භුක්ති විදින ලදී.

පාබල පුහුණු මධ්‍යස්ථානයේ සේවයේ නියුතු ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයින් ‍නව අවුරුදු උදාව සැමරිම සඳහා එක්ව සිටියහ.

Authentic Sneakers | Air Jordan XXX1 31 Colors, Release Dates, Photos , Gov