Header

Sri Lanka Army

Defender of the Nation

18th April 2018 16:42:34 Hours

621 වන බලෙස්නාවේ සහයෝගය ඇතිව ප්‍රතිසංස්කරණය කරන ලද වැලිඔය මහා සෑය සඝසතු කර යළි පූජා කරයි

සිංහල හා දමිළ අලුත් අවුරුද්දට සමගාමීව 621 වන බලසේනා මූලස්ථානය ආසන්නයේ පිහිටි යුද්ධ හමුදාව විසින් ප්‍රතිසංස්කරණය කරන ලද වැලිඔය මහා සෑය ඉරිදා (15) දින සංඝරත්නය ඇතුළු සියළුම බැතිමතුන් සඳහා යළි පූජා කරයි.

14 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා පාබල හමුදාවේ සහ 17 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුවේ භට පිරිස් සමඟ ගම්වැසියන් එක්ව ප්‍රතිසංස්කරණ කටයුතු අවසන් කරන ලද වැලිඔය මහා සෑය පූජා කිරීමේ උත්සවය සඳහා 621 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් පී.එස්.කේ. සංජිව ගේ ආරාධනයකට අනුව පූජ්‍ය බදුරලියේ කේමාධම්ම ස්වාමින් වහන්සේ වැඩම කල වදාළහ.

බුද්ධ පූජා, ශබ්ද පූජා සහ පහන් පූජා ආදී විශේෂ පූජාවන් පවත්වමින් භික්ෂුන් වහන්සේලාගේ අනුශාසනාවන් මධ්‍යයේ ආශිර්වාදයන් එක් කිරීමට මෙන්ම මෙම අවස්ථාව සාර්ථක කරගැනීම සඳහා යුද්ධ හමුදා සාමාජිකයින්ගේ හා ගම්වාසින්ගේ ද සහයෝගය හිමිවිය. තවද එම අවස්ථාවේ පිරිත් දේශනාවක් පවත්වා සියලුදෙනාට ආශිර්වාද ලබාදුන්හ. එම ප්‍රදේශයේ පැවැති ත්‍රස්තවාදි ක්‍රියාවන් හේතුවෙන් වසර ගණනාවකට පෙර ඉදිකරන ලද මෙම ස්ථූපය නැවත ප්‍රතිසංස්කරණය කිරීමට නොහැකි විය.

මෙම උත්සවය අවසානයේ දී භටපිරිස් විසින් සහභාගි වූ සියලුදෙනා වෙත ඖෂධීය පාන සහ කෑමවර්ග පිරිනමනු ලැබීය.

Sportswear free shipping | Nike