Header

Sri Lanka Army

Defender of the Nation

12th April 2018 13:14:30 Hours

යුද්ධ හමුදා සාමාජිකයින්‍ දේශීය කෘෂිකර්ම කළමනාකරණ පිළිබඳව දැනුවත් කෙරේ

‘හෙළ ගොවිකම්’ කෘෂිකාර්මික කළමනාකරණ පාඨමාලාව සාර්ථකව හැදෑරු යුද්ධ හමුදා සාමාජිකයින් 35 දෙනෙකු වෙත සහතිකපත් ප්‍රදානය අඟහරුවාදා (10) දින කලාඔය, යුද්ධ හමුදා වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේදී පවත්වන ලදී.

වගා කටයුතු හා කෘෂිකර්මාන්තය පිළිබඳ දැනුම ලබාදීමේ අරමුණින් මෙම පාඨමාලාව සැලසුම් කර ඇති අතර පාඨමාලා කාලය තුල යුද්ධ හමුදා සමාජිකයින් පැළ වගා කිරීම සහ කෘෂිකාර්මික කළමනාකරණ පද්ධති පිළිබඳවද දැනුමක් ලබාගන්නා ලදී.

මෙම සහතිකපත් ප්‍රදානෝත්සවය සඳහා යුද්ධ හමුදා වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ සේනාවිධායක බ්‍රිගේඩියර් කේ.ඒ.ඩබ්ලිව්. කුමාරප්පෙරුම සමඟින් යුද්ධ හමුදා වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ අණදෙන නිලධාරි ලුතිනන් කර්නල් ශෂික පෙරේරා ඇතුළු නිලධාරින් කිහිපදෙනෙකු ද සහභාගි විය.

Best jordan Sneakers | Saucony Lanzar JAV 2 - Unisex , Worldarchitecturefestival