12th April 2018 14:40:50 Hours
කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 57 වන සේනාංකයේ භට පිරිස්, වගා කිරීමේ පුරුද්ද ඇති කිරීමට මෙන්ම එදිනෙදා ජිවන තත්ත්වය ඉහළ නැංවීමේ අරමුණින් කිලිනොච්චි දිස්ත්‍රික්කයේ තිරුවායිරු සහ වඩ්ඩකච්චි ප්‍රදේශයේ සිවිල් වැසියන්ට පැළ 15,000 කට අධික ප්‍රමාණයක් බෙදාදෙනු ලැබීය.
16 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ භට පිරිස් සිකුරාදා (06) දින කොස් පැළ 3552 ක්, කුඹුක් පැළ 1569 ක් සහ අනෙකුත් පැළ 5636 ක් තිරුවායිරු ප්‍රදේශයේ සිවිල් වැසියන් 450 දෙනෙකු වෙත බෙදාදෙන ලදී.
තවද 6 වන ජාතික ආරක්ෂක බළමුළුවේ භට පිරිස් විසින් වඩ්ඩකච්චි ප්‍රදේශයේ සිවිල් වැසියන් 550 දෙනෙකු වෙත කොස් පැල 1500 ක් සහ අනෙකුත් පැළ 2000 බෙදාදෙන ලදී.
මෙම අවස්ථාව සඳහා යුද්ධ හමුදා සාමාජිකයින් සහ සිවිල් වැසියන් විශාල පිරිසක් සහභාගි වූහ.
Sports News | NIKE