12th April 2018 14:26:37 Hours
සිංහල හා දමිළ අලුත් අවුරුද්දට සමගාමීව නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 24 වන සේනාංකයේ භට පිරිස් ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් ද සමඟින් දෙවන වරටත් පවත්වනු ලැබු බක්මහ උළෙල බදාදා (11) දින ඉපැරණි සම්ප්‍රදායන්ට ප්‍රමුඛත්වයක්දෙමින් අම්පාර ප්‍රදේශයේ පිහිටි 24 වන සේනාංක මූලස්ථානයේ දී පවත්වනු ලැබීය.
කිලෝමීටර් 12 ක් දිවීමේ මාර්ග ධාවන තරඟයකින් ආරම්භ කරන ලද මෙම බක්මහ උළෙලෙ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 24 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් මහින්ද මුදලිගේ සහභාගි වූ අතර ජාතික ධජය එසවීමෙන් අනතුරුව සම්ප්‍රදායානුකුල පොල්තෙල් පහන දැල්වීම සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා සමඟින් අම්පාර සටන් පුහුණු පාසලේ සේනාවිධායක බ්‍රිගේඩියර් පී.ඒ.ඩී. කහපොළ සහ අනෙකුත් හමුදාවන්ගේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් එක්ව සිටියහ. මෙම අවස්ථාව සඳහා පොලිසියේ සහ විශේෂ කාර්ය බලකායේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් කිහිපදෙනෙකු ද සහභාගි විය.
24 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් මහින්ද මුදලිගේ ගේ අධීක්ෂණය යටතේ එම සේනාංකයේ සියළුම භට පිරිස් ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් සමඟ එක්ව සහයෝගීතාව වර්ධනය කරගනීමින් මෙම අලුත් අවුරුදු උත්සවයේ තරඟ ඉසව්වන් සඳහා සහභාගි වූ අතර ජයග්‍රාහකයින් හට වටිනා ත්‍යාග ද පිරිනමනු ලැබීය. තවද මෙම අලුත් අවුරුදු උත්සවය සඳහා සහාභාගි වූ සියළුම කුඩා දරුවන් සඳහා සංකේතාත්මක ත්‍යාගයක් ද පිරිනමනු ලැබීය.
මෙම අවුරුදු උත්සවය සඳහා භට පිරිස් විසින් ඉදිකරන ලද ගැමි ගෙදර ආකෘතිය කාගේත් අවධානය දිනාගැනිමට සමත් විය. එමෙන්ම මෙම අලුත් අවුරුදු උත්සවය සඳහා සහභාගි වූවන්ට දිවා භෝජන සංග්‍රහයක් පිරිනැමු අතර ඔවුන්ට අසන්නම නගර කරා ප්‍රවාහන පහසුකම් ද ලබාදෙන ලදී.
මෙම අලුත් අවුරුදු උත්සවය අවසානයේ 3 (ස්වේච්ඡා) විජයබාහු පාබල රෙජිමේන්තු සංගීත කණ්ඩායමේ වර්ණවත් ප්‍රසංගයක් ද පැවැත්විණි.
Running Sneakers Store | jordan Release Dates