Header

Sri Lanka Army

Defender of the Nation

11th April 2018 13:16:00 Hours

කිලිනොච්චි භට පිරිස් අලුත් අවුරුදු සමරයි

කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත ඒකකයන් සහ කිලිනොච්චි ඉදිරි නඩත්තු පෙදෙසේ නිලධාරින් සහ සෙසුනිලයින් එක්ව සංවිධානය කරනු ලබන සිංහල හා දමිළ අලුත් අවුරුදු උත්සවය සඳුදා (09) දින ඉරණමඩු වැව් ඉස්මත්තේ දී පවත්වනු ලැබීය.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් අජිත් කාරියකරවන සහභාගි වූ අතර 57 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය, 65 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් කුමා පීරිස්, කිලිනොච්චි ඉදිරි නඩත්තු පෙදෙසේ ආඥාපති බ්‍රිගේඩියර් ඉන්ද්‍රජිත් විද්‍යානන්ද, බලසේනාධිපතිවරුන්, අණදෙන නිලධාරින් සහ නිලධාරින් රැසක් සහභාගි විය. එමෙන්ම යුද්ධ හමුදා සාමාජිකයින් 1000 කට අධික පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

මෙම අලුත් අවුරුදු උත්සවය උදෑසන මැරතන් ධාවන තරඟයෙන් ආරම්භ වූ අතර පොල්අතු විවීම, අලියට ඇස තිබීම, ලිස්සන ගහේ නැගීම, කණා මුට්ටි බිඳිම, බනිස් කෑම, කොට්ටපොර තරඟ, සැඟවුණු අමුත්තා සෙවීම, කඹ ඇඳිම, සංගීත පුටු තරඟය, විකට ඇඳුම් තරඟය මෙන්ම අවුරුදු කුමරා සහ කුමරිය තේරීමේ තරඟයන් ඇතුළු සම්ප්‍රදායික අලුත් අවුරුදු ක්‍රීඩා රැසකින් වර්ණවත් වූ මෙම අලුත් අවුරුදු උත්සවය සඳහා කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් විශාල ප්‍රමාණයක් සහභාගි විය.

සබරගමු පළාත, ඌව පළාත, උතුරු පළාත, මධ්‍යම පළාත, බස්නාහිර පළාත, දකුණු පළාත යන පළාත්වලට අවේණික වන පරිදි සංස්කෘතික අංගයන්ගෙන් සමන්විත ඉදිකරන ලද නිවාස ආකෘතින් ක්‍රීඩාංගනයේ දක්නට ලැබුණු අතර මේජර් ජෙනරාල් අජිත් කාරියකරවන සහ ජ්‍යෙෂ්ඨ නිලධාරින් කිහිපදෙනෙකු එක් එක් නිවාසන් වෙත ගොස් ඔවුන් සමඟ අදහස් හුවමාරු කරගත්හ.

සබරගමු පළාතට ආවේණික වන පරිදි 4 වන සන්නද්ධ බුද්ධි බලකාය විසින් ඉදිකරන ලද නිවස මෙම අවුරුදු උත්සවයේ හොඳම සංස්කෘතික නිවසට හිමි ත්‍යාගය හිමිකරගන්නා ලද අතර එම ත්‍යාගය ප්‍රධාන ආරාධිත අමුත්තා විසින් ප්‍රදානය කරන ලදි.

කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපතිතුමන් සහ ජ්‍යෙෂ්ඨ නිලධාරින් කිහිපදෙනෙකු මෙම අලුත් අවුරුදු උත්සවයේ දී විවිධ තරඟ ඉසව්වල ජයග්‍රාහකයින් වෙත ත්‍යාග පිරිනැමීම සඳහා එක්ව සිටියහ.

latest Nike release | Nike Air Max 270