Header

Sri Lanka Army

Defender of the Nation

11th April 2018 20:47:32 Hours

කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති සිය ධූරයෙන් නික්ම යයි

කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති වශයෙන් රාජකාරි කර සිය ධූරයෙන් නික්ම යන මේජර් ජෙනරාල් අජිත් කාරියකරවන වෙත හමුදා සම්ප්‍රදායානුකුල කඳවුරු සම්මාන මුරයක් සහ සම්මාන ආචාර පෙළපාලියක් 24 වන ගැමුණු හේවා බළඇණියේ සහ 9 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ භට පිරිස් විසින් අඟහරුවාදා (10) දින කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථාන පරිශ්‍රයේ පැවැති උත්සවයක දී පිරිනමනු ලැබීය.

මෙම උත්සවය අතරතුර සරඹ භූමියේ දී නික්ම යන කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති තුමන්, නව කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති ලෙස රාජකාරි භාරගැනීමට නියමිත මේජර් ජෙනරාල් නිශ්ශංක රණවන වෙත සංකේතාත්මකව කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානයේ නිල ධජය භාරදෙනු ලැබීය.

නික්ම යන ආඥාපතිතුමන් සිය කාර්යාලයේ දී සංකේතාත්මක නිල ලේඛණ කිහිපයකට අත්සන් තබා සිය ධුරයේ රාජකාරි භාරදෙනු ලැබීය. එමෙන්ම, මේජර් ජෙනරාල් අජිත් කාරියකරවන නව නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී ලෙස නුඳුරේදී රාජකාරි භාරගැනීමට නියමිතය.

කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානයේ පිහිටි සිය කාර්යාලයේ දී නික්ම යන ආඥාපතිතුමන්, සියළුම නිලධාරින් හා සෙසුනිලයින් තමන් වෙත දැක්වූ සහයෝගය සහ විශිෂ්ඨ සේවය අගය කල අතර ඉදිරියටත් එම නව ආඥාපතිතුමන්හට ද එලෙසම දායකත්වය ලබාදෙන මෙන් ඉල්ලා සිටියහ.

මෙම අවස්ථාවට 57, 65 සහ 66 වන සේනාංකයන්හි සේනාංකාධිපතිවරුන්, කිලිනොච්චි ඉදිරිනඩත්තු පෙදෙසේ ආඥාපති, බලසේනාධපතිවරුන්, අණදෙන නිලධාරින්, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයින් සහභාගි වුහ.

Sneakers Store | Nike