Header

Sri Lanka Army

Defender of the Nation

11th April 2018 13:18:12 Hours

යාපනයේ භට පිරිස් සිංහල හා දමිළ අලුත් අවුරුද්ද සමරයි

සියලුම ජාතින් අතර සාමය හා සංහිඳියාව ඇතිකරලිමේ අරමුණින් යුතුව යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි ගේ මඟපෙන්වීම යටතේ සංවිධානය කරන ලද සිංහල සහ දමිළ අලුත් අවුරුදු උත්සවය සඳුදා (09) දින පොල්සෙවණ ක්‍රීඩාංගනයේ දී පවත්වනු ලැබීය.

දකුණේ මෙන්ම උතුරේ ද එකට සමරනු ලබන වසරේ එකම දිනය වන අලුත් අවුරුදු දිනයට සමගාමීව සම්ප්‍රදායික ජන ක්‍රීඩා සහ විනෝද ක්‍රීඩා රැසකින් සමන්විත මෙම අවුරුදු උත්සවය සංවිධානය කරනු ලැබීය.

මෙම උත්සව කාලයේ දී නිවෙස්වලින් බැහැරව රාජකාරි කරනු ලබන යුද්ධ හමුදා සාමාජිකයන් වෙනුවෙන් මෙම අලුත් අවුරුදු උත්සවය සංවිධානය කළහ.

භට පිරිස් අන්නෝන්‍ය සුහදත්වය ගොඩනැගෙන පරිදි අලුත් අවුරුදු ක්‍රීඩාවල නිරත වූ අතර ජයග්‍රාහකයින් හට ත්‍යාග ද පිරිනමනු ලැබීය.

යාපනය ආරක්ෂක සේනා මූලස්ථානයේ සේවයේ නියුතු භට පිරිස්හි සහයෝගය ඇතිව මෙම උත්සවය සංවිධානය කරනු ලැබීය. අවුරුදු කුමරිය සහ කුමරා තේරිමේ තරඟ ඇතුළු සම්ප්‍රදායික ක්‍රීඩා රැසක් සමන්විත වූ මෙම අලුත් අවුරුදු උත්සවයට සමගාමීව සන්ධ්‍යාවේ තල්සෙවණ ක්‍රීඩාංගනයේ දී සංගීත ප්‍රසංගයක ද පැවැත්විණි.

මෙම අවස්ථාව සඳහා යාපනය ප්‍රදේශයේ ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරින්, ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරින්, ගුවන් හමුදා නිලධාරින් සහ පොලිසියේ නිලධාරින් රැසක් සහභාගි වූහ.

Running Sneakers Store | Women's Nike Superrep