11th April 2018 11:35:06 Hours
දඹුල්ල, හල්මිල්ලෑව ප්‍රදේශයේ ස්ථාපිත යාන්ත්‍රික පාබල රෙජිමේන්තු මූලස්ථානයේ නිලධාරින් සහ සෙසුනිලයින් එක්ව සම්ප්‍රදායික නව අවුරුදු ක්‍රීඩා සහ අලුත් අවුරුදු චාරිත්‍රවලට මූල්තැනක්දෙමින් සිංහල හා දමිළ අලුත් අවුරුදු උත්සවයක් සඳුදා (09) දින දඹුල්ල, හල්මිල්ලෑව විද්‍යාලයීය ක්‍රීඩාංගනයේ දී පවත්වනු ලැබීය.
මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස වන්නි ආරක්ෂක සේනා ආඥාපති මෙන්ම යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් කුමුදු පෙරේරා සහභාගි වූ අතර ජාතික කෝඩිය එසවීමෙන් අනතුරුව සම්ප්‍රදානුකුලව පොල්තෙල් පහන දල්වා උත්සව කටයුතු ආරම්භ කරන ලදී.
මෙම අලුත් අවුරුදු උත්සවය රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් උදය හේරත් ගේ උපදෙස් මත නියෝජ්‍ය මධ්‍යස්ථාන සේනාවිධායක ලුතිනන් කර්නල් කුමාර වනසිංහ ගේ අධීක්ෂණය යටතේ රෙජිමේන්තු මධ්‍යස්ථානයේ සාමාජිකයින්ගේ සහයෝගය ඇතිව සංවිධානය කරනු ලැබීය.
මාර්ග ධාවන තරඟ, බයිසිකල් ධාවන තරඟ, කඹ ඇඳීමේ තරඟ සහ බක්මහා කුමරිය තේරිමේ තරඟ ඇතුළු සාම්ප්‍රදායික හා විනෝදාත්මක ක්‍රීඩා අංගයන් රැසකගෙන් සමන්විත වු මෙම අලුත් අවුරුදු උත්සව පරිශ්‍රයේ ඉදිකරන ලද ගැමි ගෙදර ආකෘතිය කාගේත් අවධානය දිනාගැනිමට සමත් විය.
මෙම අලුත් අවුරුදු උත්සවයට සමගාමීව යාන්ත්‍රික පාබල රෙජිමේන්තු සංගිත කණ්ඩායම විසින් වර්ණවත් සංගීත ප්‍රසංගයක් පැවැත් වූ අතර මෙම අලුත් අවුරුදු උත්සවයට නෙස්ලේ ලංකා පුද්ගලික සමාගම අනුග්‍රාහකත්වය දැක්විය.
මෙම අවස්ථාව සඳහා යුද්ධ හමුදා මූලස්ථානයේ ජනමාධ්‍ය අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, අනෙකුත් නිලධාරින් සහ සෙසුනිලයින් මෙන්ම ප්‍රදේශයේ සිවිල් වැසියන් විශාල පිරික් ද සහභාගි විය.
latest Running | Cactus Plant Flea Market x Nike Go Flea Collection Unveils "Japan Made" Season 4