Header

Sri Lanka Army

Defender of the Nation

11th April 2018 08:32:27 Hours

ගැමුණු හේවා රෙජිමේන්තුවේ 7 වන යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී සිය මව් රෙජිමේන්තුවේ සංචාරයක

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 52 වන මාණ්ඩලික ප්‍රධානී ලෙස නව ධූරයේ රාජකාරි භාරගත් මේජර් ජෙනරාල් දම්පත් ප්‍රනාන්දු බදාදා (04) දින කුරුවිට පිහිටි ගැමුණු හේවා රෙජිමේන්තු මූලස්ථානයේ සිය ප්‍රථම නිල සංචාරය සිදු කරන ලදි. මේජර් ජෙනරාල් දම්පත් ප්‍රනාන්දු ගැමුණු හේවා රෙජිමේන්තුවෙන් බිහිවූ 7 වන යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී තුමන් ද වේ.

රෙජිමේන්තු මූලස්ථානයට සපැමිණි මේජර් ජෙනරාල් දම්පත් ප්‍රනාන්දු වෙත කඳවුරු සම්මාන මුරයක් පිරිනැමීමෙන් අනතුරුව ගැමුණු හේවා රෙජිමේන්තුවේ මධ්‍යස්ථාන සේනාවිධායක තුමන් විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. ඉන්පසුව, ගැමුණු හේවා රෙජිමේන්තුවේ භට පිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල සම්මාන ආචාර පෙළපාලියක් නව මාණ්ඩලික ප්‍රධානී තුමන් වෙත පිරිනමනු ලැබීය.

නව මාණ්ඩලික ප්‍රධානී තුමන් රට වෙනුවෙන් දිවිපිදු ගැමුණු හේවා රෙජිමේන්තුවේ ආබාධිත රණවිරුවන් සිහිපත් කරමින් ගැමුණු හේවා රෙජිමේන්තු මූලස්ථාන පරිශ්‍රයේ පිහිටි රණවිරු ස්මාකය වෙත පුෂ්පෝපහාර පුද කිරීමෙන් අනතුරුව රෙජිමේන්තු මූලස්ථාන පරිශ්‍රයේ පැලයක් ද රෝපණය කළහ.

ඉන් අනතුරුව, නව මාණ්ඩලික ප්‍රධානී තුමන් ගැමුණු හේවා රෙජිමේන්තුවේ නිලධාරින් සමඟ සමූහ ඡායාරූපයකට ද පෙනී සිටියහ.

ගැමුණු හේවා රෙජිමේන්තු මූලස්ථාන සෙසුනිල භෝජනාගාරයේ පැවැති සියලු නිල තේපැන් සංග්‍රයක් සඳහා ද නව මාණ්ඩලික ප්‍රධානි තුමන් සහභාගි විය.

අනතුරුව, නව මාණ්ඩලික ප්‍රධානී තුමන් වෙත ගැමුණු හේවා රෙජිමේන්තුවේ සියලු නිලයින් වෙනුවෙන් 22 වන සේනාංකායේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් අරුණ ජයසේකර විසින් සමරු තිළිණයක් ප්‍රදානය කළහ.

එහිදි, නව මාණ්ඩලික ප්‍රධානී තුමන් භට පිරිස් අමතමින් ගැමුණු හේවා රෙජිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරින්, අනෙකුත් නිලධාරින් සහ සෙසුනිලයින් සමඟ සිය රෙජිමේන්තුවේ ඉතිහාසය පිළිබඳවත් ඉදිරියට මුහුණදීමට ඇති අභියෝගයන් මෙන්ම අත්පත් කරගෙන ඇති සාර්ථකත්වය පිළිබඳවත් සාකච්ඡා කළහ.

නව ධූරයේ රාජකාරි භාරගත් නව මාණ්ඩලික ප්‍රධානි තුමන් වෙත ගැමුණු හේවා රෙජිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරින්, අනෙකුත් නිලධාරින් සහ සෙසුනිලයින් සුභ පැතුම් එක් කල අතර ගැමුණු හේවා රෙජිමේන්තු මූලස්ථාන නිලධාරි නිවස්නයේ පැවැති දිවා භෝජන සංග්‍රහය සඳහා ද එතුමන් සහභාගි විය.

Best Sneakers | Zapatillas de running Nike - Mujer