Header

Sri Lanka Army

Defender of the Nation

11th April 2018 07:49:59 Hours

මධ්‍යම ආරක්‍ෂක සේනා මුලස්ථාන භට පිරිස් නුවර එළිය නගරයේ පිරිසිදු කිරිමේ ව්‍යාපෘතියක් සඳහා දායක වේ

මධ්‍යම ආරක්‍ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 11 සේනාංකයට අයත් 3 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු භට පිරිස් විසින් නුවර එළිය වසන්ත සැණකෙලියට සමගාමිව ජෝර්ජ් වැව ආශ්‍රිත ප්‍රදේශය පිරිසිදු කිරිමේ වැඩසටහනක් නුවර එළිය මහ නගර සභාව හා එක්ව ක්‍රියාත්මක කරන ලදී.

   

මෙම ව්‍යාපෘතිය සාර්ථක කර ගැනිම සඳහා 3 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ නිලධාරින් 4 දෙනෙකු ද ඇතුළත්ව 54 දෙනෙකුගෙන් සමන්විත භට පිරිසක්, නුවර එළිය නගරයේ ජිවත් වන 300 කට අධික නගරවාසින්ද, ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය සාමාජිකයින්, ත්‍රිවිධ හමුදා සමාජිකයින් සහ පොලිස් නිලධාරින් ද දායකත්වය දක්වන ලදී.

මෙම වැඩසටහන මධ්‍යම ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුක්මාල් ඩයස් ගේ උපදෙස් පරිදි, භට පිරිස් විසින් අනෙකුත් සිවිල් සාමාජ සාමාජිකයින් හා සමගින් විශේෂිත ස්ථානයන් හි කැළි කසල වෙන් වෙන් වශයෙන් ක්‍රමවත්ම බැහැර කිරිම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගනු ලැබු අතර නුවර එළිය නගරය ආශ්‍රීත බොහෝ ප්‍රදේශයන් ආවරණය වන පරිදි මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන ලදී.

නුවර එළිය මහ නගර සභාවේ නගරාධිපති පි.බි. චන්දන මහතා විසින් සිදුකරන ලද ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් 3 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි තුමන් විසින් සිය භට පිරිස් සම්බන්ධ කරමින් මෙම ශ්‍රමදාන ව්‍යාපෘතිය සඳහා සහයෝගය දක්වන ලදී.

jordan release date | Air Jordan Release Dates 2020