Header

Sri Lanka Army

Defender of the Nation

11th April 2018 08:13:10 Hours

4 වන ආරක්‍ෂක සේවා ක්‍රීඩා තරඟාවලිය යටතේ හික්කඩුව ප්‍රදේශයේ පැවති මාර්ග ධාවන තරගයේ ජය ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට

2018 ආරක්‍ෂක සේවා ක්‍රීඩා තරඟාවලියේ මාර්ග ධාවන තරඟය 100 කට අධික ත්‍රිවිධ හමුදා ක්‍රිඩක ක්‍රීඩිකාවන් රැසකගේ සහභාගීත්වයෙන් ඉරිදා (4) දින පැවති අතර එය කිලෝමිටර් 21 ක දුර ප්‍රමාණයක් ආවරණය කරමින් බද්දේගම ප්‍රදේශය හරහා නැවතත් තරඟ ආරම්භක ස්ථානය වු හික්කඩුව ප්‍රදේශයෙන් අවසන් විය.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා මලල ක්‍රීඩා කමිටුව විසින් සංවිධානය කරන ලද මෙම මාර්ග ධාවන තරඟයේ කාන්තා මැරතන් ධාවන තරඟය සඳහා ත්‍රිවිධ හමුදාව නියෝජනය කරමින් ක්‍රීඩිකාවන් රැසක් සහභාගි වු අතර එය හික්කඩුව මහජන ක්‍රීඩාංගණය අසළින් ආරම්භ වී බද්දේගම ප්‍රදේශය හරහා නැවත හික්කඩුව ප්‍රදේශයෙන් අවසන් විය.

මෙම මාර්ග ධාවන තරඟයේ පිරිමි කාණ්ඩයේ පළමු, දෙවන සහ තෙවැනි ස්ථානයන් දිනාගනිමින් රන්, රිදි සහ ලෝකඩ පදක්කම් යුද්ධ හමුදා ක්‍රීඩකයින් විසින් හිමි කරගත් අතර යුද්ධ හමුදා ක්‍රිඩිකාවන් විසින් කාන්තා කාණ්ඩයේ තෙවැනි ස්ථානය දිනාගන්නා ලදී.

2018 ආරක්‍ෂක සේවා මාර්ග ධාවන තරඟයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් යුද්ධ හමුදා ක්‍රීඩා කමිටුවේ සභාපති මේජර් ජෙනරාල් සුදත් පෙරේරා සහභාගි වු අතර ත්‍රිවිධ හමුදා සාමාජික සාමාජිකාවන් රැසක් ද මේ සඳහා එක්වන ලදී.

යුද්ධ හමුදාධිපති සහ ආරක්‍ෂක සේවා ක්‍රීඩා කමිටුවේ සභාපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායකගේ උපදෙස් පරිදි යුද්ධ හමුදා ක්‍රීඩා කමිටුව විසින් සංවිධානය කරන ලද ආරක්‍ෂක සේවා මාර්ග ධාවන තරඟය - 2018 ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුතුව ජාතික හා ජාත්‍යන්තර වශයෙන් පිලිගැනිමට පාත්‍ර වු විනිසුරු මඩුල්ලකගේ අධීක්‍ෂණය යටතේ පවත්වන ලදී.

මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තන් වශයෙන් සපැමිණි යුද්ධ හමුදා ක්‍රීඩා කමිටුවේ සභාපති මේජර් ජෙනරාල් සුදත් පෙරේරා සහ 58 වන සේනාංකයේ සේනාංකාධිපතිතුමන් ජයග්‍රාහකයින් වෙත සහතික පත් හා කුසලාන ප්‍රදානය කරන ලද අතර යුද්ධ හමුදා ක්‍රීඩා අධ්‍යක්‍ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් අනුර සුදසිංහ ද එක්ව සිටියහ.

Sportswear Design | UOMO, SCARPE