11th April 2018 08:14:08 Hours
පුජ්‍ය දඹරෑවේ මහනාම ස්වාමින්වහන්සේගේ අනුශාසකත්වයෙන් ගණේමුල්ල, කුඩාබොල්ලත තරුණ කැල විසින් හැලඹවැව ග්‍රාමයේ ගම්වැසියන්, පාසල් සිසුන් සඳහා වියළි ආහාර මලු සහ පාසල් උපකරණ පරිත්‍යාග කිරිමේ උත්සවයක් වන්නි ආරක්‍ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 62 වන සේනාංකයට අයත් 622 වන බලසේනංකයේ සම්බන්ධිකරණයෙන් වැලිඔය, හැලඹවැව විහාරස්ථානයේ දී සෙනසුරාදා (7) දින පවත්වන ලදී.
622 වන බලසේනාංකයේ බලසේනාධිපති කර්නල් සාලිය අමුණුගම ගේ යෝජනාවකට අනුව කුඩාබොල්ලත තරුණ කැල විසින් එම බල සේනාංකයේ භට පිරිස් හි සහයෝගය ඇතිව හැලඹවැව ග්‍රාමයේ පවුල් 300 ක් සඳහා රුපියල් මිලියන 1.5 ක වටිනාකමින් යුතු අත්‍යවශ්‍ය භාණ්ඩ තොගයක් බෙදා දෙනු ලැබු අතර මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් 622 වන බල සේනාංකයේ බල සේනාධිපතිතුමන් ගේ ආරාධනාවකට අනුව 62 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් සංජය වනිගසිංහ එක්වුහ.
තවද, 622 වන බලසේනාවේ බලසේනාධිපතිතුමන්ගේ ඉල්ලීමකට අනුව පරිත්‍යාගශීලින් විසින් සිරිපුර ජයන්තිවැව මහා විද්‍යාලය මගින් සංවිධානය කරනු ලබන ‘බක් මහ උළෙල’ හි ත්‍යාග සඳහා මෙන්ම හැලඹවැව ප්‍රාථමික විද්‍යාලය සඳහා රු. 20,000/= ක වටිනාකමින් යුතු අත්‍යවශ්‍ය ලිපි ද්‍රව්‍ය ද පරිත්‍යාග කරන ලදී.
මෙම අවස්ථාව සඳහා ඌව, සබරගමුව දෙපළාතේ අධිකරණ සංඝනායක පුජ්‍ය උණපාන ආනන්ද ස්වාමින් වහන්සේ, රාජකීය පණ්ඩිත පුජ්‍ය වැලිමඩගම කුසලධම්ම ස්වාමින් වහන්සේ, පුජ්‍ය දඹරෑවේ මහනාම ස්වාමින් වහන්සේ සහ ගණේමුල්ල කුඩාබොල්ලත තරුණ සමාජයේ නිලධාරින්, පරිත්‍යාගශීලින් මෙන්ම 62 වන සේනාංකයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් ද සහභාගි වුහ.
මෙම වැඩසටහන සාර්ථක කරගැනිම සඳහා වන්නි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් කුමුදු පෙරේරා ගේ නොමඳ සහයෝගය ද ලැබුණි.
Sports Shoes | Trending