Header

Sri Lanka Army

Defender of the Nation

11th April 2018 08:15:10 Hours

දෙමළ විද්‍යාල භුමියේ යුද්ධ හමුදාව විසින් ඉදිකරණ ලද ළමා උද්‍යානය සිසු අයිතියට

මුලතිව් ආරක්‍ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 59 වන සේනාංකයට අයත් 591 වන බල සේනාංකයේ භට පිරිස් විසින් මුලතිව් ආරුමත්තුකුලම් දෙමළ මහා විද්‍යාල භුමියේ නවතමයෙන් ඉදිකරණ ලද ළමා උද්‍යානය පසුගියදා උත්සවාකාරයෙන් සිසු අයිතියට පත් කරන ලදී.

මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් 59 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් රුවන් වනිගසුරිය සහභාගි වු අතර මුලතිව් ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දුෂ්‍යන්ත රාජගුරු ගේ සම්බන්ධිකරණයෙන් මුලතිව් ආරක්‍ෂක සේනා මුලස්ථානය විසින් ක්‍රියාත්මක කරන ලද මෙම ප්‍රජා සත්කාරක ව්‍යාපෘතිය සඳහා ‘ශාන්ති’ පදනමේ අනුග්‍රාහකත්වය දක්වන ලදී.

එමෙන්ම පාසල් සිසුන් සඳහා පාසල් උපකරණ ද පරිත්‍යාග කරන ලද අතර 591 වන බල සේනාංකයේ භට පිරිස් විසින් පාසල් සිසුන් වෙනුවෙන් ළමා උද්‍යානයක් ඉදිකරදීම සැබැදිව දෙමාපියන් සහ ගුරුභවතුන් යුද්ධ හමුදාව වෙත සිය කෘතඥතාවය පුද කරන ලදී.

මේ අවස්ථාව සඳහා 591 වන බල සේනාංකයේ බල සේනාධිපති, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින්, සෙසු නිලයින්, ගුරුභවතුන්, දෙමාපියන්, රාජ්‍ය නිලධාරින් සහ සිවිල් වැසියන් රැසක් ද එක් ව සිටියහ.

Running sport media | UK Trainer News & Releases