Header

Sri Lanka Army

Defender of the Nation

11th April 2018 08:07:25 Hours

65 වන සේනාංක අභියෝගතා අත්පන්දු ශුරතාවය 11 වන ගජබා රෙජිමේන්තුවට

653 වන බල සේනාංකයේ අධික්‍ෂණය යටතේ 21 වන ශ්‍රී ලංකා පාබල හමුදා විසින් සංවිධානය කරන ලද 65 වන සේනාංක අභියෝගතා අත්පන්දු ශුරතා තරඟාවලිය ඉරිදා (8) දින තුනුක්කායි, ආලන්කුලම් හි පිහිටි 65 වන සේනාංක ක්‍රීඩා සංකිර්ණයේදී පවත්වන ලදී.

යුද්ධ හමුදා කණ්ඩායම් සහ ප්‍රදේශයේ ක්‍රීඩා සමාජ රැසක් මෙම තරඟාවලිය සඳහා සහභාගි වු අතර අවසන් මහ තරගයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් 65 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් කුමා පිරිස් සහභාගි වන ලදී.

මෙම අත්පන්දු ශුරතා තරඟාවලිය සඳහා යුද්ධ හමුදා කණ්ඩායම් 12 ක් සහභාගි වු අතර ඉන් 11 වන ගජබා රෙජිමේන්තු කණ්ඩායම සහ 15 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු කණ්ඩායම අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලැබීය. අවසන් මහා තරගයෙන් 15 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු කණ්ඩායම පරදවමින් 11 වන ගජබා රෙජිමේන්තු කණ්ඩායම විසින් ජයග්‍රහණය හිමි කරගන්නා ලදී.

65 වන සේනාංක අභියෝගතා අත්පන්දු ශුරතාවලියේ සිවිල් ක්‍රිඩා සමාජ අතර පැවති තරගය සඳහා ‘ලකි ස්ටාර්’ ක්‍රීඩා සමාජය සහ ‘ස්කයි ලැබ්’ ක්‍රිඩා සමාජය මෙන්ම පාසල් අංශය සඳහා මල්ලාවි මධ්‍ය මහා විද්‍යාලය සහ පලෙයිනගර් මහා විද්‍යාලය තරග වැදුණු අතර ඉන් ‘ලකි ස්ටාර්’ ක්‍රීඩා සමාජය සහ පලෙයිනගර් මහා විද්‍යාලීය කණ්ඩායම ජයග්‍රහණය හිමි කරගන්නා ලදී.

මෙම තරඟාවලියේ යුද්ධ හමුදා අංශය වෙනුවෙන් 11 වන ගජබා රෙජිමේන්තුවේ සාමාන්‍ය සෙබළ ඩි.ඊ ධර්මතිලක සහ ලාන්ස් කෝප්‍රල් කේ ජයසිංහ ද සිවිල් අංශය වෙනුවෙන් ‘ලකි ස්ටාර්’ ක්‍රීඩා සමාජයේ එම් රූබන් මහතා සහ එස් ප්‍රශාන්ත් මහතා ද පාසල් අංශය වෙනුවෙන් මල්ලාවි මධ්‍ය මහා විද්‍යාලයේ ආරිවිලන් සිසුවා සහ පලෙයිනගර් මහා විද්‍යාලයේ කෝවිල්රේ සිසුවා ද හොඳම ප්‍රහාරකයා සහ හොඳම පන්දු පිරිනමන්නාට හිමි ත්‍යාග හා කුසලාන දිනා ගන්නා ලදී.

මෙම අවසන් මහ තරගයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සපැමිණි 65 වන සේනාංකයේ සේනාංකාධිපතිතුමන් විසින් ජයග්‍රාහි කණ්ඩායම් සඳහා ත්‍යාග සහ කුසලාන පිරිනැමු අතර 651 සහ 653 වන බල සේනාංකයන්හි බල සේනාධිපතිවරුන්, අණදෙන නිලධාරින් සහ නිලධාරින් රැසක් මේ අවස්ථාව සඳහා එක් ව සිටින ලදී.

bridgemedia | New Balance 327 Moonbeam , Where To Buy , WS327KB , Worldarchitecturefestival