11th April 2018 08:06:49 Hours
සම්පත් නුවර රණවිරු ගම්මානයේ වෙසෙන සිවිල් වැසියන් හා හමුදා සාමාජිකයන් අතර අන්නෝන්‍ය අවබෝධය සහ සුහදතාවය වර්ධනය කරගැනිමේ අරමුණින් පදවිය - පරාක්‍රමපුර, වැලිඔය පිහිටි 62 වන සේනාංකයට අයත් 621 වන බල සේනංකය විසින් සංවිධානය කරන ලද සිංහල හා දෙමළ අළුත් අවුරුදු උත්සවය ඉරිදා (8) දින එම බල සේනාංක මුලස්ථාන පරිශ්‍රයේදී පවත්වන ලදී.
මෙම අවුරුදු උත්සවය සිංහල හා දෙමළ ජන ක්‍රීඩා සහ විනෝදාත්මක අංග රැසකින් සමන්විත වු අතර ප්‍රදේශවාසීන් සහ 621 බල සේනංකයට අයත් සියළුම බල ඇණි වල හමුදා සාමාජිකයින් මහත් විනෝදාස්වාදයක් ලබන ලදී.
මෙම අවුරුදු උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් 621 වන බල සේනාංකයේ බල සේනාධිපති හා අවුරුදු උත්සවයේ ප්‍රධාන සංවිධායක කර්නල් කල්ප සංජිව ගේ ආරාධනයෙන් 62 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් සංජය වනිගසිංහ සපැමිණි අතර මෙම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ ප්‍රදේශවාසින් විශාල පිරිසක් එක්ව සිටියහ.
short url link | Air Max