11th April 2018 07:58:50 Hours
ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව විසින් සංවිධානය කරන ලද ‘සිංහ මේලා - 2018’ දෙදින වෙළද සැණකෙලිය සහ සංගීත ප්‍රසංගය වාර්තාගත ජනකායකගේ සහභාගීත්වයෙන් සෙනසුරාදා (7) දින වරකාපොල මහජන ක්‍රීඩාංගණයේදී නිමාවට පත්වන ලදී.
ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු අධිපති සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරාල් පියල් වික්‍රමරත්න සහ ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ රෙජිමේන්තු මුලස්ථානයේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් අජිත් පල්ලාවල යන ජ්‍යෙෂ්ඨ නිලධාරින්ගේ උපදෙස් හා සහයෝගය ඇතිව සිංහ රෙජිමේන්තු භට පිරිස් හි සුභසාධනය සඳහා අවශ්‍ය අරමුදල් රැස් කිරිමේ අරමුණින් මෙම වෙළද සැණකෙලිය සහ සංගීත ප්‍රසංග පවත්වන ලදී.
මෙම ‘සිංහ මේලා - 2018’ වෙළද සැණකෙලිය සහ සංගීත ප්‍රසංගය බ්‍රහස්පතින්දා (6) දින එම රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් පියල් වික්‍රමරත්න විසින් විවෘත කරන ලද අතර නිමි ඇදුම්, ආහාර පාන, අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සහ තවත් බොහෝ දේ ඇතුළත් වෙළද කුටි මෙන්ම සංගීත සංදර්ශන හා සිංහ රෙජිමේන්තු සංස්කෘතික අංශය වෙතින් ඉදිරිපත් කරන ලද අලංකාර සංදර්ශණයන් ද මෙම වෙළද සැණකෙලිය සඳහා ඇතුලත්ව තිබුණි.
දින 02 ක් පුරා පැවති මෙම සැණකෙලිය සඳහා ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරින්, කමිටු සමාජිකයන්, නියෝජ්‍ය සේනාවිධායක සහ සිංහ රෙජිමේන්තු සියළුම බලඇණිවල අණදෙන නිලධාරින් රැසක් ද එක්වුහ.
affiliate link trace | Nike