Header

Sri Lanka Army

Defender of the Nation

11th April 2018 07:50:14 Hours

11 සේනාංකයේ අළුත් අවුරුදු උත්සවය මහනුවරදී

මධ්‍යම ආරක්‍ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 11 සේනාංක මුලස්ථානයේ සේවයේ නියුතු නිලධාරින් සහ සෙසුනිලයින් විසින් එළැඹෙන සිංහල හා දෙමළ අළුත් අවුරුද්ද නිමිත්තෙන් පවත්වන ලද අළුත් අවුරුදු උත්සවය සිකුරාදා (6) දින 1 වන ශ්‍රී ලංකා රයිෆල් බලකා ක්‍රිඩා පිටියේදී පවත්වන ලදී.

 

මෙම අවුරුදු උත්සවය සාම්ප්‍රදායික හා විනෝදාත්මක ක්‍රීඩා අංගයන් රැසකගෙන් සමන්විත වු අතර මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් 11 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් නිශ්ශංක රණවන සහභාගි විය. එමෙන්ම 11 වන සේනාංකය විසින් ඉදිකරන ලද ගැමි ගෙදර ආකෘතිය කාගේත් අවධානය දිනාගැනිමට සමත් විය.

මෙම අවුරුදු උත්සවය සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ සෙසු නිලයින් විශාල පිරිසක් සහභාගි වු අතර තරග වලින් ජයගත් ජයග්‍රාහකයින් වෙත වටිනා ත්‍යාග පිරිනමන ලදී.

Sports brands | Nike Air Jordan XXX Basketball Shoes/Sneakers 811006-101 Worldarchitecturefestival