08th April 2018 22:10:15 Hours
යුද්ධ හමුදා ක්‍රීඩා කමිටුව විසින් යුද්ධ හමුදාධිපතිතුමන්ගේ උපදෙස් පරිදි තෙවැනි වරටත් සංවිධානය කරන ලද පිහිනුම්, පාපැදි ධාවනය හා දීවිමේ තරග ඉසව් ඇතුළත් ‘තුන්ප්‍රයාම ශුරතාවලිය - 2018’ තරඟාවලිය සඳුදා (9) දින හික්කඩුව, සිනිගම වෙරළ තිරයේ දී පවත්වන ලදී.
මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සපැමිණි යුද්ධ හමුදා ක්‍රීඩා කමිටුවේ සභාපති මේජර් ජෙනරාල් සුදත් පෙරේරා යුද්ධ හමුදා ක්‍රීඩා කමිටුවේ ලේකම් බ්‍රිගේඩියර් නිශාන්ත රණවීර විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගන්නා ලදී.
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ රෙජිමේන්තු 13 ක් නියෝජනය කරමින් යුද්ධ හමුදා ක්‍රිඩකයින් 66 දෙනෙකු මෙම තරඟාවලිය සඳහා සහභාගි වු අතර මෙම තුන්ප්‍රයාම තරඟාවලිය සඳහා මීටර 750 ක දුර පිහිනිම, කිලෝමීටර් 25 ක දුරක් පාපැදි ධාවනය සහ කිලෝමීටර් 5 ක දුරක් දිවීම යන තරඟ ඉසව් වලින් සමන්විත විය.
මෙම තරඟාවලියේ ශුරතාවය ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා කණ්ඩායමත්, අනුශුරතාවය ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකායත් දිනා ගත් අතර ප්‍රධාන ආරාධිත අමුත්තා විසින් ඔවුන්ට හිමි ශුරතාවයන් පිලිගන්වන ලදී.
මෙම තුන්ප්‍රයාම තරඟාවලියේ පිහිනුම්, පාපැදි ධාවනය හා දිවීම යන අංශ ත්‍රිත්වයේ වෙන් වෙන් වශයෙන් දක්‍ෂතා දැක්වු ක්‍රීඩකයින් හට පදක්කම් ප්‍රදානයක් ද සිදුකරන ලද අතර ශ්‍රී ලංකා සංඥා බලකායේ ලාන්ස් කෝප්‍රල් පී.ජේ.ඒ.එල් පෙරේරා විසින් කේවල ශුරතාවයද ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලඇණියේ කෝප්‍රල් ඒ.එම්.එන්.එච් අබේසිංහ සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකායේ සාමාන්‍ය සෙබළ එච්.බී.ඒ චන්ද්‍රසිරි විසින් පිලිවෙලින් දෙවන හා තෙවන ස්ථානයන් ද හිමිකරගන්නා ලදී.
තුන්ප්‍රයාම තරඟයක් යනු බහු අදියර තරඟයක් වන අතර එය කාණ්ඩ තුනක් යටතේ පිහිනුම්, පාපැදි ධාවනය හා දිවීමේ තරග ඉසව් පවත්වනු ලබයි.
මෙම තරඟාවලිය අනාගතයේ ඇතිවන අභියෝගයන් ජය ගැනීම සඳහා යුද්ධ හමුදා ක්‍රීඩා සංචිතයට විශේෂ ක්‍රීඩකයින් තෝරාපත්කරවා ගැනීම අරමුණින් සංවිධානය කරනු ලැබීය.
මෙහිදි ජයග්‍රාහකයින් වෙත යුද්ධ හමුදා මළල ක්‍රීඩා සංගමයේ සභාපති මෙන්ම 58 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් සුදත් පෙරේරා විසින් කුසලාන සහ සහතිකපත් පිරිනමනු ලැබීය.
latest Nike release | yeezy sole turning blue color shoes FX6794 FX6795 Release Date - nmd legion ink goat costume ideas for boys