Header

Sri Lanka Army

Defender of the Nation

08th April 2018 22:30:33 Hours

‘මිහිඳු සෙත් මැඳුර’ ආබාධිත රණවිරුවන් අලුත් අවුරුදු අසිරිය සමරයි

යුද්ධ හමුදාධිපතිතුමන්ගේ උපදෙස් මත අත්තිඩිය ‘මිහිඳු සෙත් මැඳුරේ’ දී ආබාධිත රණවිරුවන් වෙනුවෙන් අලුත් අවුරුදු උත්සවයක් බ්‍රහස්පතින්දා ( 05) දින සංවිධානය කරනු ලැබීය.

මෙහිදී පැරණි චාරිත්‍ර වාරිත්‍ර සඳහා මුල්තැනක් දෙමින් ‘මිහිඳු සෙත් මැඳුරේ’ නේවාසිකව ප්‍රතිකාර ලබන ආබාධිත රණවිරුවන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් සමඟ 2018 සිංහල හා දමිළ අලුත් අවුරුදු උත්සවය සමරන ලදි.

සම්ප්‍රදායික ක්‍රීඩා ඉසව්වන් රැසකින් සමන්විත අලුත් අවුරුදු උත්සවය ලිප ගිනි මොලවා, කිරි ඉතිරවීමෙන් අනතුරුව ආරම්භ විය.

මෙහිදී රෝද පුටු ධාවන තරඟය, අන්ධයාට කිරි කැවීම, දෙහි ගෙඩිය හැන්ද මත රැගෙන යාම සහ අලියාට ඇස තැබීම ඇතුළු සම්ප්‍රදායික විනෝද ක්‍රීඩාවන් රැසක් සංවිධානය කර තිබුණි.

මෙහිදී එක් එක් තරඟයන්හි ජයග්‍රාහකයන් සඳහා වටිනා ත්‍යාගයන් ද පිරිනමන ලද අතර සිවිල් පරිත්‍යාගශීලින් ද මෙම අවස්ථාව සාර්ථකව සිදුකර ගැනීම සඳහා නන් අයුරින් දායක විය.

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක විසින් ආබාධිත රණවිරුවන් වෙනුවෙන් සංවිධානය කළ මෙම අවස්ථාව සාර්ථක කරගැනීමට මුදල් ප්‍රතිපාදන ද ලබාදෙන ලදි.

තවද රණක්ෂිතයට පත් අබාධිත රණවිරුවන් පිළිබඳ සොයාබැලීමේ අරමුණින් නව ධූරයේ රාජකාරි භාරගත් යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් දම්පත් ප්‍රනාන්දු බදාදා (04) දින අත්තිඩිය ‘මිහිදු සෙත් මැදුරේ’ සංචාරයක නිරත විය.

මෙම අලුත් අවුරුදු උත්සවය ‘මිහිදු සෙත් මැඳුරේ’ සේනාවිධායක කර්නල් නන්දන ගුණවර්ධන ගේ මූලිකත්වයෙන් සංවිධානය කරනු ලැබීය.

මෙම උත්සවය සඳහා ආරාධිත අමුත්තන්, ආබාධිත රණවිරුවන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් සියගණනක් සහභාගී වූහ.

Adidas footwear | Nike Shoes