Header

Sri Lanka Army

Defender of the Nation

08th April 2018 22:05:00 Hours

භට පිරිස් පුනරීන් සිවිල් වැසියන් සමඟ එක්ව අලුත් අවුරුදු සමරයි

සියලු ජාතීන් අතර ආගමික හා සංස්කෘතික සංහිඳියාව සහ සාමය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 66 වන සේනාංකය විසින් සංවිධානය කරනු ලබන සිංහල හා දමිළ අලුත් අවුරුදු උත්සවය බ්‍රහස්පතින්දා (05) දින පුනරීන් ඔිලන්ද කොටුව ක්‍රීඩාංගනයේ දී පවත්වනු ලැබීය.

සම්ප්‍රදායික අවුරුදු ක්‍රීඩා රැසකින් සමන්විත වූ මෙම අවුරුදු උළලේ දී පාපැදි ධාවන තරඟ, මාර්ග ධාවන තරඟ, ගොනි රෙස්, අලියාට ඇස තැබීම, ලිස්සන ගසේ නැගීම, කණා මුට්ටි බිඳිම, බනිස් කෑම, කොට්ටපොර තරඟ, සැඟවුණු අමුත්තා සෙවිම, කඹ ඇඳිම, සංගීත පුටු තරඟය, විකට ඇඳුම් තරඟය ඇතුළු තවත් තරඟ රැසක් පවත්වනු ලැබූහ.

මෙම අලුත් අවුරුදු උත්සවය සඳහා හමුදා සමාජිකයකින් 500 ක් සහ සිවිල් වැසියන් 1500 ක් පමණ පිරිසක් සහභාගි විය.

අලුත් අවුරුදු උත්සවය අවසානයේ එදින සන්ධ්‍යාවේ පැවැති සංගීත ප්‍රසංගයෙන් එහි පැමිණ සිටි සිංහල සහ දමිල සංගීත ලෝලීන් විශාල පිරිසක් විනෝදයට පත් වූ අතර එම අවස්ථාව විචිත්‍රවත් කරමින් ගිණිකෙලි සංදර්ශනයක් ද පැවැත්විණි.

66 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් දුමින්ද කැප්පෙටිවලාන ගේ ආරාධනයකට අනුව මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් අජිත් කාරියකරවන සහභාගි විය.

යුද්ධ හමුදා සහ සිවිල් ජයග්‍රාහකයින්ට වටිනා ත්‍යාග පිරිනැමීම සඳහා ද ප්‍රධාන ආරාධිත අමුත්තා එක්ව සිටියහ.

මෙම අවස්ථාව සඳහා පුනරීන් ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම් සහ රාජ්‍ය නිලධාරින්, 66 වන සේනාංකයේ සේනාංකාධිපති, බලසේනාධිපතිවරුන්, සෙසුනිලයින් සහ පුනරීන් ප්‍රදේශයේ සිවිල් වැසියන් පිරිසක් ද එක්ව සිටියහ.

best Running shoes brand | Air Jordan 1 Retro High OG 'University Blue' — Ietp