Header

Sri Lanka Army

Defender of the Nation

08th April 2018 21:58:30 Hours

විජයබාහු පාබල රෙජිමේන්තුව අලුත් අවුරුදු සමරයි

කුරුණෑගල, බෝයඟනේ ප්‍රදේශයේ ස්ථාපිත විජයබාහු පාබල රෙජිමේන්තු මූලස්ථානයේ නිලධාරින් සහ සෙසුනිලයින් එක්ව සම්ප්‍රදායික නව අවුරුදු ක්‍රීඩා සහ අලුත් අවුරුදු චාරිත්‍රවලට මූල්තැනක්දෙමින් සිංහල හා දමිළ අලුත් අවුරුදු උත්සවයක් සෙනසුරාදා (07) දින එම මූලස්ථාන ක්‍රීඩාංගනයේ දී පවත්වනු ලැබීය.

විජයබාහු පාබල රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් අජිත් කාරියකරවන ‘බක්මහ උළෙල - 2018’ හී ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වූ අතර විජයබාහු පාබල රෙජිමේන්තු සේවා වනීතා ඒකකයේ සභාපතිණි අනුජා කාරියකරවන මහත්මිය ද එම අවස්ථාව සඳහා එක්ව සිටියහ.

රට වෙනුවෙන් දිවිපිදු විරෝධාර රණවිරුවන් සිහිපත් කරමින් විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් ආරක්‍ෂා කරමින් ගෞරව දැක්වීමෙන් අනතුරුව අලුත් අවුරුදු උත්සවය ආරම්භ විය. මෙහිදි ලිස්සන ගසේ නැගීම, කණා මුට්ටි බිඳිම, අලියාට ඇස තැබීම ඇතුළු සම්ප්‍රදායික අවුරුදු ක්‍රීඩා රැසක් පවත්වනු ලැබීය.

රබන් ගැසීම, පොල්අතු වීවිම, ගොනි රෙස්, කණා මුට්ටි බිඳිම, බනිස් කෑම, කොට්ටපොර තරඟ, සැඟවුණු අමුත්තා සෙවිම, කඹ ඇඳිම, සංගීත පුටු තරඟය, විකට ඇඳුම් තරඟය මෙන්ම අවුරුදු කුමරා සහ කුමරිය තේරීමේ තරඟයන් ද අලුත් අවුරුදු උත්සවයේ තරඟ ඉසව්වන්ට ඇතුලත් වූ අතර මෙම අවස්ථාව සඳහා සහභාගි වූවන් තරඟ ඉසව්වලට ඉදිරිපත්වෙමින් විනෝදයට පත් වූහ.

මෙම අලුත් අවුරුදු උත්සවයේ විශේෂ අවස්ථාවක් ලෙස ආදිවාසින්ගේ සහභාගිත්වයෙන් ‘කිරිකොරහා’ පූජාව රඟදැක්වූ අතර ඒ සඳහා සහභාගි වූ ආදීවාසින්ට විශේෂ ත්‍යාග ප්‍රදානය කිරීමක් ද මෙහිදි සිදුවිය.

ක්‍රීඩාංගනයේ ඉදිකරන ලද ගැමිගෙදර දී එක් එක් පළාත්වලට ආවේණික සම්ප්‍රදායික රසකැවිලි වලින් සමන්විත වූ තේ මේසයක් ද මෙහිදි දක්නට ලැබීණි.

මෙම අලුත් අවුරුදු උත්සවයේ පැවති තරඟ ඉසව්වන්ගේ ජයග්‍රාහිකයින් හට කුරුණෑගල වෙළඳ සංගමයේ අනුග්‍රාහකත්වය ඇතිව ප්‍රධාන ආරාධිත අමුත්තා සහ අනෙකුත් විශේෂ ආරාධිතයින් අතින් ත්‍යාග ප්‍රදානය කරන ලදී.

Best Authentic Sneakers | Releases Nike Shoes