Header

Sri Lanka Army

Defender of the Nation

08th April 2018 21:29:30 Hours

11 වන සේනාංකයේ භට පිරිස් විසින් තායිලන්තයේ සිට වැඩමකරන ලද සංඝයා වහන්සේලාට ‘ගිලන්පස’ පූජාවක්

ශ්‍රී ලංකාවේ ජනතාව වෙනුවෙන් සාමය ප්‍රාර්ථනා කිරීමේ අභිප්‍රායෙන් යුතුව පාද යාත්‍රාවක නියලි සිටින තායිලන්තයේ සිට ශ්‍රී ලංකාවට වැඩමකරන ලද භික්ෂුන් වහන්සේලා සහ භික්ෂුනින් වහන්සේලා සඳහා ‘ගිලන්පස’ පූජාවක් 11 වන සේනාංකයේ භට පිරිස් විසින් පිරිනමනු ලැබීය.

ශ්‍රී දළදා මාලිගාව සහ මහනුවර ප්‍රදේශයේ අනෙකුත් ආගමික ස්ථානයන් කිහිපයක සිට අප්‍රේල් මස 4 සිට 6 දක්වා දිනයන්හිදී මෙම පාද යාත්‍රාව අරම්භ විය.

තැන්නේකුඹුර ප්‍රදේශයේ පාද යාත්‍රාවේ නිරත සංචාරක භික්ෂුන් වහන්සේලා උදෙසා 11 වන සේනාංකයේ භට පිරිස් විසින් ගෞරවය සහ ආගන්තුක සත්කාර පිළිබිඹු කරමින් ‘ගිලන්පස’ පූජාවක් තැන්නේකුඹුර ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථානයේ දී එම සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් නිශ්ශංක රණවන ගේ මූලිකත්වයෙන් පිලිගන්වනු ලැබීය.

Best jordan Sneakers | Air Jordan 1 Mid "Bling" Releasing for Women - Pochta