07th April 2018 22:24:20 Hours
ශ්‍රී ලංකා ජල ක්‍රීඩා සංගමය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන කිලෝමීටර 5 විවෘත පිහිනුම් තරඟාවලිය - 2018, අම්බලන්ගොඩ මාදම්පේ ගඟේ දී සෙනසුරාදා (07) දින පැවති අතර, තරඟාවලියේ සමස්ථ ශුරතාවය හිමිකරගැනීමට ශ්‍රී ලංකා යුද්ධ හමුදා පිහිනුම් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමත්විය.
තරඟයේ පිරිමි අංශයේ පළමු සහ දෙවන ස්ථාන යුද්ධ හමුදා ක්‍රීඩකයින් විසින් හිමිකරගත් අතර ජයග්‍රාහි පළමු දස දෙනා අතරට යුද්ධ හමුදා ක්‍රීඩකයින් 6 දෙනෙකු ද තේරිපත් විය.
තරඟයේ පිරිමි අංශයේ පළමු ස්ථානය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ කෝප්‍රල් ඩි.එම්. ගුණසේන විසින් හිමිකරගත් අතර දෙවන ස්ථානය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ කෝප්‍රල් ටී.එච්.කේ.එස්.අයි. ද සිල්වා විසින් හිමි කරගත්හ.
මෙම තරඟාවලිය සඳහා යුද්ධ හමුදා ක්‍රීඩා සමාජය නියෝජනය කරමින් යුද්ධ හමුදා ක්‍රීඩකයින් 26 දෙනෙකු සහ ක්‍රීඩිකාවන් 8 දෙනෙකු සහභාගි විය.
ශ්‍රී ලංකා ජල ක්‍රීඩා සංගමය විසින් වසර ගණනාවක් පුරා මෙම තරඟාවලිය සංවිධානය කරනු ලබයි.
මෙම තරඟාවලිය සාර්ථකව පැවැත්වීම සඳහා යුද්ධ හමුදා ජල ක්‍රීඩා කමිටුවේ සභාපති මෙන්ම ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක සහ ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් පියල් වික්‍රමරත්න, සිය පූර්ණ සහයෝගය ලබාදෙනු ලැබීය.
මෙම තරඟාවලිය නැරඹීම සඳහා යුද්ධ හමුදා ක්‍රීඩා කමිටුවේ උප සභාපති කර්නල් ක්ලිෆර්ඩ් ද සොයිසා සහ යුද්ධ හමුදා සහ සිවිල් පිහිනුම් ක්‍රීඩකයින් විශාල පිරිසක් එක්ව සිටියහ.
Sport media | Footwear