Header

Sri Lanka Army

Defender of the Nation

05th April 2018 22:15:53 Hours

‘Mr. Jaffna – 2018’ තරඟාවලියේ ශුරතාවය 7 වන ගජබා රෙජිමේන්තුවේ සාමාන්‍ය සෙබල ආරච්චි දිනාගනි

‘Mr. Jaffna – 2018’ කායවර්ධන තරඟාවලියේ අවසන් තරඟය බ්‍රහස්පතින්දා (5) දින යාපනය ආරක්ෂක සේනා මූලස්ථාන ශ්‍රවණාගාරයේ දී පවත්වනු ලැබීය.

තරඟකරුවන් 75 ක් අතුරින් තරඟකරුවන් 15 දෙනෙකු අවසන් තරඟයේ විනිසුරු මණ්ඩලය ලෙස ශ්‍රී ලංකා කායවර්ධන හා ශාරීරික යෝග්‍යතා සම්මේලනයේ ප්‍රධාන විනිසුරු එම් පද්මසිරි මහතා, හිටපු ප්‍රවීණ කායවර්ධන ක්‍රීඩකයෙකු මෙන්ම ශ්‍රී ලංකා කායවර්ධන හා ශාරීරික යෝග්‍යතා සම්මේලනයේ ‘ඒ’ ශ්‍රේණියේ විනිසුරුවරයෙකු වන සංජිව සිල්වා මහතා, ශ්‍රී ලංකා කායවර්ධන හා ශාරීරික යෝග්‍යතා සම්මේලනයේ හිටපු සභාපති හා ජ්‍යෙෂ්ඨ විනිසුරු වැලින්ටන් සමරසිංහ මහතා සහ ශ්‍රී ලංකා කායවර්ධන හා ශාරීරික යෝග්‍යතා සම්මේලනයේ ‘ඒ’ ශ්‍රේණියේ විනිසුරුවරයෙකු මෙන්ම පුහුණුකරුවෙකු වන සංජිව රත්නායක මහතා ද කටයුතු කරන ලදි.

මෙම තරඟාවලියේ අවසන් තරඟයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි සහභාගි විය.

යාපනය ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන්ගේ සංකල්පයකට අනුව යාපනය අර්ධද්විපයේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින්ගේ දක්ෂතාවයන් ඔප්නැංවීම අරමුණින් මෙම තරඟාවලිය සංවිධානය කරනු ලැබීය.

‘Mr. Jaffna – 2018’ තරඟාවලියේ ශුරතාවය 7 වන ගජබා රෙජිමේන්තුවේ සාමාන්‍ය සෙබල ආර්.එස්.එම් ආරච්චි විසින් දිනාගත් අතර අනුශුරතාවය 5 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ කෝප්‍රල් ඒ.එම් අජිත් බණ්ඩාර විසින් දිනාගත්හ. එමෙන්ම, තරඟායේ තෙවන ස්ථානය 26 ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ සාමාන්‍ය සෙබල ඒ.ඒ.ආර් ප්‍රියදේව විසින් හිමිකරගත්හ.

මෙම තරඟාවලියේ ජයග්‍රාහකයින් වෙත කුසලාන සහ සහතික පත් ප්‍රදානය කිරීමේ අවස්ථාව සඳහා යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආච්චි සහභාගි වූ අතර යාපනය New World Gym කායවර්ධන මධ්‍යස්ථානයේ සාමාජිකයින් සහ ගැමුණු හේවා බලකායේ කායවර්ධන ක්‍රීඩකයින් කණ්ඩායමක් විසින් මෙහිදි සංදර්ශනයක් ද පැවැත්විය.

තවද මෙම අවස්ථාව සඳහා යාපනය අර්ධද්විපයේ සේවයේ නියුතු යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ සෙසු නිලයින් රැසක් ද එක්ව සිටියහ.

Nike Sneakers | GOLF NIKE SHOES