Header

Sri Lanka Army

Defender of the Nation

05th April 2018 22:30:29 Hours

‘සයිබර් ආරක්ෂණය හා සමාජ මාධ්‍ය ජාලා’ පිළිබඳ නැගෙනහිර භට පිරිස් දැනුවත් කෙරේ

තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂක මණ්ඩලය විසින් ‘සයිබර් ආරක්ෂණය හා සමාජ මාධ්‍ය ජාලා’ පිළිබඳ යුද්ධ හමුදා සාමාජිකයින් දැනුවත් කිරීමේ වැඩසටහනක් බ්‍රහස්පතින්දා (05) දින නැගෙනහිර ආරක්‍ෂක සේනා මූලස්ථාන ශ්‍රවණාගාරෙය් දී පවත්වනු ලැබීය.

මෙහිදි සයිබර් අවකාශයේ සුප්‍රසිද්ධ මාධ්‍ය ජාලා හැසිරවීමේදි අනුගමනය කලයුතු සුපරික්‍ෂාකාරී ක්‍රියාපිලිවෙත සහ භාවිතය පිළිබඳවත් මුහුණු පොත (Face Book), වයිබර් (Viber), වට්ස්ඇප් (WhatsApp) ආදී සමාජ ජාලා ආරක්‍ෂිතව පවත්වා ගන්නා ආකාරයත් ඒ සඳහා අනුගමනය කල යුතු ආරක්‍ෂක විධිවිධාන පිළිබඳව මෙන්ම සංවේදී ප්‍රචාරණ දැන්වීම් පලකිරීම, සංවේදි තොරතුරු ආරක්‍ෂිතව හුවමාරු කරගැනීම සහ අනවශ්‍ය ඡායාරූප උඩුගත කිරීමේ (uploading) අහිතකර බලපෑම් පිළිබඳවත් මෙම දේශනයට සහභාගිවූවන් දැනුවත් කරන ලදි.

මෙම දේශණය සඳහා නැගෙනහිර ආරක්‍ෂක සේනා මුලස්ථානය යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා නිලධාරින් 50 ක් සහ සෙසුනිලයින් 170 ක් පමණ සහභාගි වූහ.

trace affiliate link | nike fashion