Header

Sri Lanka Army

Defender of the Nation

05th April 2018 22:00:45 Hours

අන්තරායකාරී මත්ද්‍රව්‍ය පිළිබඳ ගැමුණු හේවා බලකා සියලු නිලයින් දැනුවත් කෙරේ

ගැමුණු හේවා රෙජිමේන්තු මධ්‍යස්ථානය විසින් එහි රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් දම්පත් ප්‍රනාන්දු ගේ මඟපෙන්විම මත‘අන්තරායකාරී මත්ද්‍රව්‍ය සහ මත්ද්‍රව්‍ය නිවාරණය’ පිළිබඳ දැනුවත් කිරීමේ එක්දින වැඩසටහනක් බ්‍රහස්පතින්දා (29) දින ගැමුණු හේවා බලකා රෙජිමේන්තු පරිශ්‍රයේ දී පවත්වන ලදි.

ගැමුණු හේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ ඉල්ලීමකට අනුව අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය විසින් මෙම වැඩසටහන මෙහෙයවනු ලැබීය.

මත්ද්‍රව්‍ය භාවිතයෙන් සිදුවන අහිතකර බලපෑම් පිළිබඳ හැඳින්විම, මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහිවීම, ඉන් ඇතිවන අහිතකර ප්‍රතිඵල මෙන්ම සමාජ අපකීර්තිය ආදි විෂයන් පිළිබඳවත්, මත්ද්‍රව්‍ය භාවිතයේ ආදීනවත් ආවාරණය වන පරිදි මෙම දේශණය පැවැත්විණි.

මෙම දේශන සැසිය සාකච්ඡා, නාට්‍ය, කවි, ගීත, යනාදිය අනුසාරයෙන් පැවැත් වූ හෙයින් සහභාගී වූවන් එම දේශණයට ඉතා උනන්දුවෙන් සහ උද්යෝගයෙන් සවන්දුන් අතර, අවසන් සැසියේ දී සහභාගිවූවන් හට අදහස් ඉදිරිපත් කිරීමට ද අවස්ථාව හිමිවිය.

ගැමුණු හේවා රෙජිමේන්තු අධිපති, මධ්‍යස්ථාන සේනාවිධායක, සියලුම නිලධාරීන් සහ සෙසු නිලයින් වෙනුවෙන් රෙජිමේන්තු මාණ්ඩලික නිලධාරීන් විසින් මෙම දේශණය සඳහා සම්පත් දායකයින් ලෙස සහභාගි වූ මත්ද්‍රව්‍ය අධ්‍යාපන හා තොරතුරු නිලධාරී ප්‍රියදර්ශනි රත්නායක මහත්මිය සහ මත්ද්‍රව්‍ය අධ්‍යාපන හා තොරතුරු සහකාර නිලධාරී සුපුන් උදාන මහතා පිළිගනු ලැබීය.

මෙම දේශණය සඳහා නිලධාරීන් 20 ක් සහ සෙසු නිලයින් 350 ක් සහභාගි වූහ.

Nike Sneakers | adidas Yeezy Boost 700 , Ietp