05th April 2018 22:35:54 Hours
21 වන පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල බදාදා (04) දින ඕස්ට්‍රේලියාවේ ගොල්ඩ් කෝස්ට් හිදී ආරම්භවු අතර බ්‍රහස්පතින්දා (5) දින කිලෝග්‍රෑම් 56 බර පන්තිය යටතේ බර ඉසිලීමේ පිරිමි ඉසව්වේ කිලෝග්රැම් 248 ක බරක් ඔසවමින් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් 4 වන කමාන්ඩෝ රෙජිමේන්තුවට අයත් ශ්‍රී ලංකා යුද්ධ හමුදා ක්‍රීඩා සමාජයේ කෝප්‍රල් ජේ.ඒ.සී. ලක්මාල් විසින් එම ඉසව්වේ ලෝකඩ පදක්කම දිනාගැනීමට සමත් විය. එහිදි ඔහු විසින් කිලෝග්රැම් 114 ක් හා කිලෝග්රැම් 134 ක බරක් මනා කළමණාකරිත්වයකින් මෙන්ම සමබරතාවයකින් ඔසවමින් සිය දක්‍ෂතාවය පිළිඹිබු කරන ලදී.
පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලහි ශ්‍රී ලංකාව නියෝජනය කරමින් බර ඉසිලීමේ ඉසව්ව සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 11 දෙනෙකුගෙන් සමන්විත සංචිතයක් සහභාගි වන අතර කෝප්‍රල් ජේ.ඒ.සී. ලක්මාල් ඇතුළු ක්‍රීඩකයින් 07 ක් සහ ක්‍රීඩිකාවන් 04 ක් ඇතුළත් වේ.
2018 අප්‍රේල් මස 04 වන දින ආරම්භ වූ 21 වන පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල දින 11 ක් පුරාවට ඕස්ට්‍රේලියාවේ ගොල්ඩ් කෝස්ට් හිදී පැවැත්වෙන අතර මේ සඳහා රටවල් 71 ක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් හා කණ්ඩායම් භාර නිලධාරින් ද ඇතුළුව 6,600 කට අධික පිරිසක් සහභාගි වේ.
මෙම පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල විවිධ ක්‍රිඩා ඉසව් 18 ක් සහ පැරා ක්‍රිඩා ඉසව් 07 කින් ද සමන්විත වන අතර 15,000 කට අධික ක්‍රීඩාලෝලින් පිරිසක් ස්වේච්ඡාවෙන්ම සිය සහයෝගය ලබාදෙනු ලබයි.
affiliate link trace | Nike Shoes