Header

Sri Lanka Army

Defender of the Nation

05th April 2018 22:00:49 Hours

නව යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි ‘මිහිදු සෙත් මැදුර’ නේවාසික රණවිරුවන් හමුවේ

යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් දම්පත් ප්‍රනාන්දු ඇතුළු තවත් ජ්‍යෙෂ්ඨ නිලධාරින් කිහිපදෙනෙකු රණක්‍ෂිතයට පත් රණවිරුවන් නේවාසිකව ප්‍රතිකාර ලබන අත්තිඩිය, ‘මිහිදු සෙත් මැදුර’ හි බ්‍රහස්පතින්දා (05) දින සංචාරයක නිරත විය.

‘මිහිදු සෙත් මැදුර’ වෙත සපැමිණි නව මාණ්ඩලික ප්‍රධනී තුමන්ව එහි සේනාවිධායකතුමන් විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබු අතර එතුමන් ‘මිහිදු සෙත් මැදුර’ පරිශ්‍රයේ පිහිටි භෞතචිකිත්සක ඒකකය, හදිසි ප්‍රතිකාර ඒකකය ඇතුළු ප්‍රතිකාර සිදුකරන වාට්ටු කිහිපයක සංචාරය කරනු ලැබීය. අනතුරුව ප්‍රතිකාර ලබන රණක්‍ෂිතයට පත් රණවිරුවන්ගේ සුවදුක් විමසා සිටි අතර ‘මිහිදු සෙත් මැදුර’ කාර්යභාර්යන් හා වගකිම් පිළිබඳව ද සොයා බලන ලදී.

මෙම සංචාරය අතරතුර මාණ්ඩලික ප්‍රධානී තුමන් රණක්‍ෂිතයට පත් නේවාසික රණවිරුවන්ගේ සෞන්දර්යාත්මක කුසලතා සහ හැකියාවන් ප්‍රදර්ශනය කරමින් නිෂ්පාදනය කරන ලද අත්කම් නිර්මාණ නැරඹු අතර ‘මිහිදු සෙත් මැදුර’ නේවාසිකව ප්‍රතිකාර ලබන රණවිරුවන් සමඟ සුහදව අදහස් හුවමාරු කරගනු ලැබීය.

මෙම අවස්ථාව සඳහා ‘මිහිදු සෙත් මැදුර’ සේනාවිධායක තුමන් සහ ජ්‍යෙෂ්ඨ නිලධාරින් කිහිපදෙනෙකු ද එක්ව සිටියහ.

jordan Sneakers | jordan Release Dates