Header

Sri Lanka Army

Defender of the Nation

05th April 2018 22:00:44 Hours

‘සෙනෙහස ගමට’ වැඩසටහනින් විශේෂ අවශ්‍යතා ඇති දරුවන් සඳහා සහාය

ත්‍රිවිධ හමුදාව, පොලිසිය සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ රණවිරු පවුල් වල සිටින විශේෂ අවශ්‍යතා ඇති දරුවන් වෙනුවෙන් ආරම්භ කරන ලද සෙනෙහස අධ්‍යාපන සම්පත් පර්යේෂණ සහ තොරතුරු කේන්ද්‍රය මගින් ක්‍රියාත්මක කරනු ලබන ‘සෙනෙහස ගමට’ වැඩසටහනේ 04 වන අදියර මාර්තු මස 23 දින සිට 24 දින දක්වා කහවත්ත ජාතික අධ්‍යාපන විද්‍යා පීඨය සහ රත්නපුර සුමනා බාලිකා විද්‍යාලය කේන්ද්‍ර කරගනිමින් විශේෂඥ වෛද්‍යවරුන්, ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන්, මානසික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන් සහ විද්වත් වෘත්තිකයන් ගේ සහභාගීත්වයෙන් ක්‍රියාත්මක කරනු ලැබු අතර ත්‍රිව්ධ හමුදාවේ හා පොලිසියේ රණවිරු පවුල්වල 700 කට අධික ළමුන් පිරිසක් මෙහිදි පරික්ෂාවට ලක් කරන ලදී.

රාජ්‍ය ආරක්ෂක ආමාත්‍යාංශය යටතේ වන රණවිරු සේවා අධිකාරිය මගින් මෙම සෙනෙහස අධ්‍යාපන සම්පත් පර්යේෂණ සහ තොරතුරු කේන්ද්‍රය පාලනය වන අතර මෙම ව්‍යාපෘතිය තුලින් මෙතෙක් හඳුනානොගත් විශේෂ අධ්‍යාපන අවශ්‍යතා ඇති දරුවන් හඳුනාගෙන තක්සේරුකරණය තුළින් නාරාහේන්පිට පිහිටි මෙම කේන්ද්‍රය තුල පවත්නා විවිධ චිකිත්සක අංශයන්හි සම්පත් පරිහරණය කිරිම මෙම දරුවන්ට ලබාදීම සිදුකරනු ලබයි.

තවද, ප්‍රතිකාර හෝ සායන සඳහා මෙවැනි ආයතනයන් තුලට පිවිසිමට අපහසු දුෂ්කරතා ඇති දරුවන් හට විද්වත් මණ්ඩලයේ මෙන්ම විශේෂඥ උපදෙස් හා මගපෙන්විම යටතේ විශේෂ අධ්‍යාපන අවශ්‍යතා සහිත දරුවන්ගේ දෙමාපියන්ගේ විඩාබර මනසට නිසි ක්‍රමවේදයන් තුළින් යම් සහනයක් ලබාදීම මින් අපේක්ෂා කෙරේ.

එමෙන්ම මෙම ව්‍යාපෘතිය තුලින් මේවන තෙක් විශේෂ අධ්‍යාපන අවශ්‍යතා හේතුවෙන් පාසල් නොයන හා පාසලකට ඇතුලත් විමට නොහැකි වු දරුවන් හටද එදින සහභාගිවු විශේෂඥ වෛද්‍යවරුන්, ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන්, මානසික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන් සහ විද්වත් වෘත්තිකයන්ගේ නිරික්ෂණ නිර්දේශ මත එම ළමුන් පාසල් වලට ඇතුලත් කරගැනිම සඳහා අවශ්‍යවන්නා වු දරුවා පිළිබඳ නිර්දේශිත ලිපි ලේඛන ද සකස් කොට දරුවන් පාසල් ගත කිරිම සඳහා අවස්ථාවන් සලසන ලදී.

සෙනෙහස අධ්‍යාපන සම්පත් පර්යේෂණ සහ තොරතුරු කේන්ද්‍රයේ අධ්‍යක්ෂක ලුතිතන් කර්නල් එච්.ඒ.ඊ.එස් ප්‍රසන්න කුමාර විසින් මෙම ව්‍යාපෘතිය සම්බන්ධිකරණය කරන ලද අතර සහකාර පොලිස් අධිකාරි ප්‍රදීප් වෙත්තසිංහ මහතාගේ සහ රත්නපුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිතුමන්ගේ නොමඳ සහයෝගය ද මේ සඳහා ලබාදෙන ලදී.

Adidas shoes | Nike