Header

Sri Lanka Army

Defender of the Nation

04th April 2018 20:00:54 Hours

පොළොන්නරුවේ දිළිඳු පවුලකට යුද්ධ හමුදාවෙන් ඉදිකරන ලද නව නිවසක්

ජනාධිපති ලේකම් කාර්යාල මගින් ක්‍රියාත්මක කරනු ලබන ‘රජරට නවෝදය’ දිස්ත්‍රික් සංවර්ධන ව්‍යාපෘතියේ ‘පිබිදෙමු පොළොන්නරුව’ වැඩසටහන යටතේ ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් පොළොන්නරුව ප්‍රදේශයේ අඩු ආදායම් ලාභි පවුලක් සඳහා නිවසක් ඉදිකරනු ලැබු අතර එම නිවස පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම්තුමන් විසින් පසුගිය බ්‍රහස්පතින්දා (29) දින පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදි නිවාස ලාභි ඩබ්ලිව් සරත් කුමාර මහතා හට භාරදෙනු ලැබීය.

‘පිබිදෙමු පොළොන්නරුව’ සංවර්ධන වැඩසටහන යටතේ රුපියල් 499,907/= ක වටිනාකමින් යුතු මෙම නිවස 12 වන ඉංජිනේරු සේවා බලකාය විසින් ඉදිකරන ලදී. ජනාධිපති ලේකම් කාර්යාලයේ අධික්‍ෂණයෙන් හා ‘පිබිදෙමු පොළොන්නරුව’ සංවර්ධන ව්‍යාපෘති කාර්යාලයේ උපදෙස් පරිදි මෙම ඉදිකිරිම් ව්‍යාපෘතිය මාස 01 ක් වැනි ඉතා කෙටි කලකින් නිමවු අතර එය ජනවාරි මස මුල් සතියේ දී ආරම්භ කරන ලදී.

‘පිබිදෙමු පොළොන්නරුව’ ව්‍යාපෘති අධ්‍යක්‍ෂ මේජර් ජෙනරාල් (විශ්‍රාමික) සුදන්ත රණසිංහ, දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය නිලධාරින් සහ රාජ්‍ය නිලධාරින් ද මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.

latest jordans | Jordan Ανδρικά • Summer SALE έως -50%