Header

Sri Lanka Army

Defender of the Nation

02nd April 2018 15:52:18 Hours

යුද්ධ හමුදා ක්‍රිකට් ක්‍රිඩකයින් මැලේසියාවේ දී ශුරයින් වේ

NSCA ජාත්‍යන්තර ශුරතා ලීග් 20/20 තරඟාවලියේ ශ්‍රී ලංකා යුද්ධ හමුදා ක්‍රිකට් කණ්ඩායම සහ KL Zalmi ක්‍රිකට් සමාජය අතර තරගය මැලේසියාවේ ක්වාලා ලාම්පුර් හි කින්නාරා ක්‍රීඩාංගණයේ දී මාර්තු මස 31 වන දින පැවති අතර එම තරගයෙන් KL Zalmi ක්‍රිකට් සමාජ කණ්ඩායම පරදවමින් ශ්‍රී ලංකා යුද්ධ හමුදා ක්‍රිකට් කණ්ඩායම විසින් ශුරතාවය දිනා ගන්නා ලදී.

කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා යුද්ධ හමුදා ක්‍රිකට් කණ්ඩායම පළමුව පන්දුවට පහර දුන් අතර එහිදි කඩුළු 05 ක් දැවී ලකුණු 220 ක් රැස් කරගන්නා ලදී. අනතුරුව ලකුණු 220 ක අසීරු ඉලක්කයක් හඹායාම සඳහා පිළිතුරු ඉනිම ආරම්භ කල KL Zalmi ක්‍රිකට් සමාජ ක්‍රීඩකයින් හට නියමිත පන්දු වාර 20 අවසානයේ දී සියළුදෙනාම දැවී ලකුණු 95 ක් රැස්කර ගැනිමට හැකිවු අතර ශ්‍රී ලංකා යුද්ධ හමුදා ක්‍රිකට් කණ්ඩායම විසින් ලකුණු 125 ක විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාගන්නා ලදී.

NSCA ජාත්‍යන්තර ශුරතා ලීග් 20/20 තරඟාවලියේ මුලික වටයේ පැවති තරග වලදි තවත් කණ්ඩායම් 02 ක් සමගින් තරග වැදුණු ශ්‍රී ලංකා යුද්ධ හමුදා ක්‍රිකට් කණ්ඩායම ඉන් ජය ලබමින් අර්ධ අවසාන වටය සඳහා සුදුසුකම් ලැබු අතර මෙහි පළමු තරගය අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් කල් දමන ලදී. අර්ධ අවසාන වටයේ දී ශ්‍රී ලංකා යුද්ධ හමුදා ක්‍රිකට් කණ්ඩායම සහ UKM ක්‍රිකට් සමාජ පිල හා පැවති තරගයෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදා ක්‍රිකට් කණ්ඩායම විසින් UKM ක්‍රිකට් සමාජ කණ්ඩායම පරදවමින් ජයග්‍රහණය අත්පත්කරගන්නා ලදී.

මැලේසියානු ක්‍රිකට් සංගමයේ ආරාධනාවකට අනුව පසුගිය ඉරිදා (25) දින දිවයිනෙන් පිටත්ව ගිය ශ්‍රී ලංකා යුද්ධ හමුදා ක්‍රිකට් කණ්ඩායම අප්‍රේල් මස 05 දින දක්වා දින 12 ක තරග සංචාරයක නිරත වන අතර මාර්තු මස 27 දින සිට 30 දින දක්වා Negeri Sembilan Cricket Association මගින් සංවිධානය කරනු ලබන NSCA ජාත්‍යන්තර ශුරතා ලීග් 20/20 තරඟාවලියේ තරග වැදුණි.

මෙම තරග සංචාරය සඳහා එක්වු ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරනු ලබන ලුතිතන් අජන්ත මෙන්ඩිස් සහ බලලත් නිලධාරි 1 සික්කුගේ ප්‍රසන්න යන ක්‍රිකට් ක්‍රිඩකයින්ගෙන් ද සැදුම් ලත් ශ්‍රී ලංකා යුද්ධ හමුදා ක්‍රිකට් කණ්ඩායම අප්‍රේල් මස 1 දින සිට 3 දින දක්වා මැලේසියානු ජාතික ක්‍රිකට් කණ්ඩායම සමගින් පන්දු වාර 50 එක්දින තරග 3 කට ද සහභාගි වන ලදී. මෙවැනි තරඟාවලින් සඳහා ක්‍රිකට් ක්‍රිඩකයින් වැඩි වශයෙන් යොමුකිරිමෙන් ඔවුන් අතර විශ්වාසය ගොඩනැංවිමටත්, විවිධ තණතිරු මත ක්‍රිඩා කිරිමට ඇති හැකියාව මෙන්ම අවබෝධය වර්ධනය කරගැනිමටත් ඉවහල් වේ.

Best Nike Sneakers | Sneaker & Lifestyle News