17th February 2018 19:41:18 Hours
ආරක්ෂක හමුදාවන් සහ සිවිල් ජනතාව අතර හොඳ හිත, අවබෝධය සහ සංහිදියාව ඇතිකරලීමේ ක්‍රියාවලියට නව පරිච්ඡේදයක් එක්කරමින් යාපනය අර්ධද්වීපයේ වෙසෙන පුනරුත්ථාපනය කරන ලද හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයින් ද ඇතුළුව තරුණ තරුණියන් 50 ක් හමුදාගත පදනම යටතේ යාපනය ආරක්ෂක සේනා මූලස්ථානයේ හමුදාමය නොවන රාජකාරින් සඳහා බ්‍රහස්පතින්දා (15) දින සිට සිය රාජකාරි ඇරඹිය.
යාපනය අර්ධද්විපයේ රාජ්‍ය නිලධාරින් සහ පුනරුත්ථාපන කොමසාරිස් ජෙනරාල් කාර්යාලයේ සම්බන්ධිකරණයෙන් හා යුද්ධ හමුදාධිපතිතුමන්ගේ ආශිර්වාදයෙන් එතුමන් යාපනය ආරක්ෂක සේනා ආඥාපතිව සිටි අවදියේදි මුලිකත්වයෙන් අරඹන ලද මෙම ව්‍යාපෘතිය යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි විසින් ක්‍රියාත්මක කරන ලදි.
මෙසේ හමුදාගත පදනම මත බඳවාගත් නව ආධුනිකයින් හට ආහාර, ප්‍රවාහන හා වෛද්‍ය පහසුකම් යනාදියට අතිරේකව රු.40,000/= ක මාසික වැටුපක් හිමිවන අතර ඔවුන් සඳහා වයස අවුරුදු 55 දි විශ්‍රාමික හිමිකම ද ඇතුලත් වේ. එමෙන්ම ඔවුන්ගේ පවුලේ සාමාජිකයින් හට ද යුද්ධ හමුදා වෛද්‍ය පහසුකම් ලබාගැනිමේ හැකියාව ඇත. මෙසේ බඳවාගන්නා ලද අයවළුන් යාපනය, පලාලි යුද්ධ හමුදා ජනපදයේ පිහිටි ගොවිපලෙහි ජාතික රුක් රෝපණ ව්‍යාපෘතියට සමඟාමිව ක්‍රියාත්මක කරනු ලබන පොල් පැල 100,000 ක් වගා කිරිමේ ව්‍යාපෘතිය සදහා යොමුකරවනු ඇත. මෙම සතිය ආරම්භය වන විට යාපනය ආරක්ෂක සේනා මුලස්ථාන ගොවිපලෙහි පොල් පැල 8000 ක් පමණ සාර්ථකව වගා කර ඇත.
එසේම හමුදාගත පදනම යටතේ බඳවාගත් නව ආධුනිකයින් රැකියාවට පැමිණෙන පළමු දිනය වු බ්‍රහස්පතින්දා (15) දින ඔවුන් පිලිගැනිම සඳහා කෙටි උත්සවයක් සංවිධානය කර තිබු අතර, යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි විසින් ඔවුන් අමතමින් ගොවිපලෙහි රාජකාරි සිදුකරන පැය 8 ක සේවා කාලය තුල අපේක්‍ෂිත සේවයේ වැදගත්කම සහ තරුණ තරුණියන් වශයෙන් ශ්‍රී ලාංකීය ජාතියක්, එකම පවුලක් සේ ඔවුන්ගේ අනාගතය ගොඩනඟාගතයුතු ආකාරය පිළිබඳ දැනුවත් කරන ලදී.
මේ අවස්ථාව සඳහා යාපනය ආරක්ෂක සේනා ආඥාපති, යාපනය ආරක්ෂක සේනා මුලස්ථානයේ කර්නල් ප්‍රධාන මාණ්ඩලික නිලධාරි සහ පලාලි යුද්ධ හමුදා ගොවිපල භාර නිලධාරිතුමන් ද එක්ව සිටියහ.
trace affiliate link | Air Max