Header

Sri Lanka Army

Defender of the Nation

15th February 2018 16:43:24 Hours

යාපනය ආරක්ෂක සේනා මූලස්ථාන නෙට් බෝල් ශුරතාවය 7 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා ‘සී’ කණ්ඩායම විසින් දිනාගනියි

යාපනය ආරක්ෂක සේනා මුලස්ථාන කාන්තා වොලිබෝල් ශුරතා තරඟාවලියේ අවසන් තරඟය බ්‍රහස්පතින්දා (13) දින එම මූලස්ථාන ක්‍රීඩාංගණයේ දී පවත්වන ලදි.

යාපනය ආරක්ෂක සේනා ආඥාපති ගේ සංකල්පයක් මත නිලධාරීන් සහ සෙසු නිලයින්ගේ ක්‍රීඩා කුසලතාවයන් වැඩිදියුණු කිරිමට මෙන්ම ඔවුනොවුන් අතර සහසම්බන්ධතාවය ගොඩනැඟිමේ අරමුණින් එම ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 515 වන බලසේනා භට පිරිස් විසින් මෙම තරඟාවලිය සංවිධානය කරනු ලැබීය.

යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු කාන්තා කණ්ඩායම් 5 ක් මෙම තරඟාවලිය සඳහා සහභාගි වූහ. එහිදි 7 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ ‘සී’ කණ්ඩායම ශුරතාවය දිනාගත් අතර, ‘ඒ’ කණ්ඩායම අනුශුරතාවය හිමිකර ගන්නා ලදි. එමෙන්ම තරඟාවලියේ තෙවන ස්ථානය යාපනය ආරක්ෂක සේනා මූලස්ථාන නියෝජනය කළ කාන්තා කණ්ඩායම වෙත හිමිවිය.

මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වූ යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි විසින් ජයග්‍රාහකයින් වෙත ත්‍යාග ප්‍රදානය කළ අතර, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයින් රැසක් ද මෙම අවස්ථාවට එක්වුහ.

Running Sneakers Store | New Jordans – Air Jordan 2021 Release Dates , Gov